මුහුදු වතුර ලුණු රස වෙන හේතුව මෙන්න

අපි මුහුදු ජලයේ රස ලුණු රස බව දනිමු. එහෙත් මේ ලුණු රස මුහුදුට ලැබුණේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නයකි. ඒ ගැන පැහැදිලි මතයක් තවම සොයාගෙන නැත.

පොළොව මතුපිට හා අභ්‍යන්තරයේ තැන් තැන්වල ලවණ තැන්පත්වී තිබෙන අතර මේවා වැසි ජලය තුළ දිය වී ඇළ දොළ ගංගා හරහා මුහුදට එක්වෙයි. එසේම මිනිසා සහ සමහර සතුන් ආහාර ලෙස ලබාගන්නා මුහුදු ශාක හා සත්ව වර්ග නිසා ද මුහුදේ තිබෙන ලවණ ගොඩබිමට එයි. මුහුදට අසීමිත ලුණු ප්‍රමාණයක් ලැබුණේ කෙසේද යන්න ඉහත ක්‍රියාවලි වලින් විස්තර කළ නොහැක.

ලුණු යන නම විශේෂයෙන් ම හඳුන්වන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) යන රසායනික නාමයෙන් ය.‍ මුහුදු ජලයේ වැඩියෙන් ම තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ය. මෙයට අමතරව වෙනත් ලවණ වර්ග මුහුදු දියේ දියවී පවතී.

සාමාන්‍යයෙන් මුහුදු ජලයේ බර අනුව සියයට 3.5 පමණ ලවණ වෙයි.

උදා :- සෝඩියම් ක්ලෝරයිඩ් 78.04%

මැග්නීසියම් 9.21%

අපේ නිවෙස්වල පරිහරණයට ගන්නා ලුණු නිපදවන තැනක් වන්නේ ලුණු ලේවායයි. ශ්‍රී ලංකාවේ පුත්තලම, හම්බන්තොට විශාල ලුණු ලේවා පිහිටා තිබේ.

ලුණු සෑදීමේ ක්‍රියාවලිය මෙසේ ය. මුහුදු ජලය රැස් කර ජලය වාෂ්ප වීමට හරී. එවිට ජලය සාන්ද්‍ර බවට පත්වේ. මුලින් ම (CaCo3) කැල්සියම් කාබනේට් කියන ලවණය පතුලේ තැන්පත් වේ.

ඉතිරි ද්‍රාවණය දෙවැනි තටාකයකට යවා තවදුරටත් සාන්ද්‍රවීමට තියෙනවා. එහිදී (CaSo4) කැල්සියම් සල්ෆේට් නම් ලවණය තැන්පත්වේ. ලුණු ලැබෙන්න පටන් ගන්නේ ඉන්පසු ය. ඉතුරු ද්‍රාවණය තුන්වන තටාකයට යවනවා‍. එහිදී ලුණු (NaCl) තැන්පත් වීමට පටන් ගනී. ඉන්පසු ඉතිරිවන ද්‍රාවණය කටුක තිත්තකින් යුක්ත වේ.

මුල් ද්‍රාවණය හෝ කාරම් දියරය ලෙස හඳුන්වන මෙම ද්‍රාවණයේ මැග්නීසියම් ලවණ වැඩි ප්‍රමාණයක් අඩංගු වේ‍. මෙම ද්‍රාවණයේ මැග්නීසියම් ලෝහය, බ්‍රෝමීන් මූලද්‍රව්‍ය සහ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් සල්පේට් යන ඖෂධ වර්ග නිපදවනවා.

මුහුදුවල වතුර සියල්ලම සිදුණොත් පොළොව මත ජීවයක් රදා පැවතීම සැක සහිත ය.

සියලුම මුහුදු සිදී ගියහොත් ඉන් ලැබෙන ලුණු ප්‍රමාණය පෘථිවි නිරක්ෂය වටා කි.මී. 1.5 ඝනකම කි.මී. 300 ක් පමණ උස තාප්පයක් බැදීමට පුළුවන් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ආහාර රස ගැන්වීමට මෙන්ම ලුණුවලින් ලබාගන්නා ප්‍රයෝජන විවිධය. එහෙත් මුහුදු වතුර ලුණු රස උණේ කොහොම දැයි කිසිවෙක් නොදනිති.

එනිඳු සුපසන් ප්‍රේමසුන්දර,
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යාලය,
කොළඹ 08

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *