බටනලාව හැඳුනු හැටි

‘නළාව’ යනු විවිධ සංස්කෘතීන් විසින් භාවිතා කරන වාදන භාණ්ඩයකි.මෙම නළාව සඳහා විශේෂ නම් රාශියක් තිබේ.මෙම නම් වලට ඇතුළත් වන්නේ,

හරස් නළාව, ජර්මානු නළාව, තීර්යක් නළාව යනුවෙනි..

මෙම වාදන භාන්ඩය අපි විසින් වාදනය කරනු ලබන්නේ තිරස් අතට තබාගෙනය. මුල්ම නළාව චීනයෙන් හමුවු අතර එය හඳුන්වන්නේ ‘ චයි ‘ ලෙසයි.අද වන විට ලොව පැරණිතම නළා ජර්මනියේ ස්වබියානු ඇල්ප්ස් කලාපයෙන් සොයාගෙන ඇති අතර ඒවා මීට වසර 43,000 සිට 35,000 පෙර පැවති බව කියවේ.

මුල්ම නළාව වාදනය කිරීම චිත්‍රයක් මඟින් සිතුවම් කර ඇත්තේ රෝම ජනයා විසින්ය.අතීතයේ රෝමන්වරුන් විවිධ මෙවලම් භාවිතයෙන් සංගීත භාන්ඩ සාදා වාදනය කර ඇත.

එසේම 16 වන සියවස පුරාම බටනළාව ඉතාමත් ජනප්‍රිය සංගීත භාන්ඩයක් වී ඇත්තේ ඉතාලි රාජ්‍ය තුලයි.එකල සිටි අටවන හෙන්රි රජු බටනළා එකතුවක් කර ඇත.මෙම වාදන භාණ්ඩය සෑදීම ඉතාම සරල වන අතර එක් කෙලවරක කිරල නැවතුමක් සහිත සිලින්ඩරාකාර නලයක් ලෙස සාදා ඇති අතර ඇඟිලි සිදුරු හයකින් සමන්විත වේ.සංගීතයේ සම්පූර්ණ පරාසය හැසිරවීම සඳහා මෙය සදා ඇත.

නළාව වාදනය කරන විට හිස සන්ධිය, ශරීරය සහ පාද හරහා වාදනය වෙයි.

නළාවේ හිස සන්ධිය සිලින්ඩරාකාරව පැවතුනද, නළාවේ පහළ කෙළවර කුඩාම විෂ්කම්භය වීමත් සමඟ ශරීරයේ සිදුරකේතුකාකාර විය.

පතුලේ කෙළවරේ සිදුර විශාල වීමත් සමඟ පාද සන්ධිය කේතුකාකාර විය.  මෙම නව උපකරණයේ නාද කුහර හයේ පැවතුනද ඒවා වඩා කුඩා වූ අතර පැතලි නිෂ්පාදනයක් සඳහා යතුරක් එක් කරන ලදී. මෙම බටනළා මගින් ඕනෑම සංගීතයක් වාදනය කල හැකිය..

      අද වන විට බටනළාව වැඩි වශයෙන් ජනප්‍රියත්වයක් දක්වන්නේ කුඩා ළමුන් හා පාසල් ළමුන් අතරය…

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *