කවුද මේ ‘ටින්කබෙල් ‘ කියන පුංචි සුරංගනාවී

ටින්කබෙල් කියන්නේ ජේ.එම් බැරීගේ 1904 නාට්‍යයේ පීටර් පෑන් සහ 1911 නවකතාවක් වන පීටර් හා වෙන්ඩි යන නවකතාවල චරිතයක්.  ටින්කබෙල් කියන්නේ අපි හැමෝම දන්න පුංචි සුරංගනා කතාවක්.ඇයගේ චරිතය ගොඩක් අයගේ සිත් ඇඳ බැඳ ගත්තා.

ටින්කබෙල් චරිතය ඩිස්නිලන්තයේ හරිම ප්‍රසිද්ධයි.මිකී මවුස් චරිතය , පූගේ චරිතය මේ වගේ ගොඩක් චරිත අපි හැමෝම දන්නවා.

ටින්කබෙල් කතාවේ ඇය භාජන සෝදන පුංචි සුරංගනාවියක්.ඇය ලඟ කුඩා සීනුවක් තියෙනවා හැමවෙලාවෙම එයා සීනුව නාද කරමින් තමයි ඉන්නේ.ඇයගේ චරිත⁣යේ ඇය සතු හොඳම ගතිගුණ තමයි අයහපත් , නරක , පලීගැනීම් සිදුකරන සියලු දෙනාටම ඇය සමාව දී නැවත උදව් කිරීමයි.තරහා හිතේ තියාගෙන ඉන්න ටින්කබෙල්ට කොහෙත්ම බෑ.හැබැයි එයාට ටිකක් තරහා යනවා.හැමදේටම ටින්කබෙල්ගේ ලඟින් හිටියේ පීටර් කියන පොඩි සුරගන කොලුවා තමයි.එන හැම ප්‍රශ්නයකදිම දෙන්නා හිටියේ එකටමයි.කොහෙත්ම එයා ටින්කබෙල්ව තනිකලේ නෑ.

මේ කතාවෙන් අපිට ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුලුවන් හැකියාව , මිත්‍රත්වය , අනෙකාට සමාව දීම වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *