රෑට දත් මදින්න ඕනේ ඇයි ?

පොඩිත්තෝ හරිම කැමතියි පැනිරස කෑම කන්න.පොඩිත්තෝ විතරක් නෙමෙයි වැඩිහිටියොත් කැමති පැනිරස වලට.හැබැයි කෑවට කමක් නෑ හොදට දත් පිරිසිදු කරගන්න ඕනේ.

පැනිරස වර්ග කිව්වට ගොඩක් දේවල් තියෙනවා.පොඩිත්තෝ ආස කරන අයිස්ක්‍රීම් , චොක්ලට්ස් තව එක එක ස්වීට්ස් වර්ග ඒ අතරට ගන්න පුලුවන්.පැනිරස කනගමන් අපි කොහොමද දත් පිරිසුදුව තියාගන්නේ කියලා දැන් බලමු.

01.රෑට නිදාගන්න කලින් අනිවාර්යයෙන්ම දත් මදින්න ඕනේ.වැඩිහරියක්ම අපේ දත් දිරන්න පටන් ගන්නේ රාත්‍රි නින්දෙදි.අපි කට හෝදන්නේ නැතුව නිදාගත්තම තමයි ගොඩක් දුරට එහෙම වෙන්නේ.

02.දත් මදින්න පොඩ්ත්තෝ හරිම කම්මැලි.ඉතින් අපිට පුලුවන් තව ක්‍රමයක් භාවිතා කරන්න.උණුවතුර ටිකකට ලුණු කුඩු ටිකක් දාලා කට හොඳින් හෝදන්න.ඉන්පසුව ඇල් වතුර ටිකකින් කට හෝදන්න ලුණු ටික යන්න හෝදන්න ඕනි.ලුණු වලට විශබීජ මැරෙන නිසා ඒක හොඳ ප්‍රතිකාරයක්.

 

ඉතින් පැනි රස කෑවට කමන් නෑ මේ ක්‍රම ටිකත් අත්හදා බලන්න පුරුදු වෙන්න..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *