ලෝකයේ භයානකම සුනඛයා ගැන දන්නවාද?


අපි හැමෝම ගොඩක් කැමතියි බලු පැටවුන් ඇති කරන්න.පොඩි කාලේ හරිම හුරතල් උනත් ලොකු වෙද්දි ඒ හුරතල් ගතිය නැති වෙලා එයාලා දැඩි වෙන්න ගන්නවා. ඒත් අපි එයාලට සලකන හැටියට තමයි එයාලගෙනුත් අපිට ආදරය බලාපොරොත්තු වෙන්න පුලුවන්..

සෑම සුනඛ වර්ගයක්ම සමරන්න වෙනම දිනයක් යොදාගෙන තියෙනවා.ඒක නම් කරලා තියෙන්නේ ජාත්‍යන්තර සුනඛ දිනය කියලා.හැම අවුරුද්දකම අගෝස්තු මාසයේ 06 වැනිදා තමයි අපි ඒක සමරන්නේ.බලු පැටවුන්ට වගේ වෙන කිසිම දෙයකට අපේ හිත එකපාරටම ඇදගන්න බෑ.එයාලගේ එක අහිංසක බැල්මක් ඇති ආදරයක් හිතෙන්න.බල්ලා මිනිසාගේ හොඳම මිතුරා කියලා කියන්නේ ඒකයි.

ලෝකයේ ඉන්න භයානකම සුනඛ වර්ගයන්ගෙන් පලමුවන ස්ථානය ගන්නේ ඇමරිකන් පිට් බුල් කියන වර්ගයයි.

ඇමරිකන් පිට් බුල්..

ඇමරිකානු පිට් බුල්ස් වඩාත් භයානක සුනඛයන්ගෙන් එකක් වන අතර එය ලෝකයේ බොහෝ රටවල් විසින් තහනම් කරලා තියෙනවා.මෙම මධ්‍යම ප්‍රමාණයේ, බුද්ධිමත්, කෙටි හිසකෙස් ඇති සුනඛයා ලෝකයේ වඩාත්ම භයානක සුනඛ වර්ගය විදියට නම් කරනවා.  ඇමරිකානු පිට් බුල් සුනඛයාගේ ලක්ෂණයක් තමයි ශක්ති⁣ය , විශ්වාසය හා තමන්ගේ ජීවිතයට ඇති තන්හාවයි.

මේ සුනඛ වර්ගය හරිම ක්‍රියාශීලියි.මොවුන්ගේ ආයුකාලය අවුරුදු 13ක් කියලා තමයි සඳහන් වෙන්නේ…

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *