මායාකාරී ඩිස්නිලන්තය ගැන අපූරු විස්තර

ඩිස්නිලන්තයක් කියන්නෙ ලංකාවෙ අපිට ටිකක් අලුත් මාතෘකාවක්. එනිසා ඔන්න ගැන නොදන්න අයට පුළුවන් ඩිස්නි ලන්තයගැන අදහසක් ගන්න මේ ලිපිය කියවලා. සරලවම කිව්වොත් ඩිස්නිලන්තයක් කියන්නෙ ඇත්තටම පුංචි ලෝකයක් වගේ. සංචාරක ආකර්ෂණය දිනාගන්න ඉහළම ස්ථානයක්. ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටලා තියෙන The Walt Disney ආයතනයයටතේ තමයි මේ The Happiest Place on Earth එහෙමත් නැත්තම් ලෝකයේ සතුටුදායකම ස්ථානය විදිහට හැඳින්වෙනDisney World කියන Theme Parks ක්‍රියාත්මක වෙන්නෙ.

අද මේ කියන්න යන්නෙ ලෝකය පුරා තැන් තැන්වල පිහිටලා තියෙන ඩිස්නිලන්ත ගැන තොරතුරු. කලින් ලිපිය කියවල බලලා යන්න ආස  හිතුනොතින් මේ ඩිස්නිලන්ත තියෙන තැන් ගැනත් දැනගෙනම ඉන්න එපායැ නේද? කොහොමහරි ලෝකය පුරා විවිධ රටවල මේ ඩිස්නිලන්ත 6ක් පිහිටලා තියෙනවා.ඉන් ප්‍රධානම එක ගැන තමයි දැන් කියන්න යන්නේ.

 

01.Disneyland Resort.

මේක තමා සියළුම Disneylands අතරේ ප්‍රධානම කියන්නෙ original ඩිස්නිලන්තය. වගේම ඉතාම පැරණිම සහ විශාලතමඩිස්නිලන්තයක් විදිහටත් මේ Disneyland Resort එක සැළකෙනවා. පිහිටල තියෙන්නෙ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ. විනෝදාංග වගේම මේ ඩිස්නිලන්තය ඇතුළෙත් විවිධ හෝටල් සහ භෝජන ශාලාත්  ඇතුළත් වෙනවා. සංචාරකයො වැඩි වශයෙන්එන, සෙනඟ වැඩි කාලයන් මඟඇරලා ගියෝතින් මේ ඩිස්නිලන්තය පුරා නිදහසේ ඇවිදලා විනෝදවෙන ගමන් විශ්ම ලන්තයේ ඇලිස්වගේ අපේ පුංචිකාලය ලස්සන කරපු පොත්පත්වල ලස්සන චරිත මුණගැහෙන්නත් ඔවුන් එක්ක නිදහසේ ලස්සන පින්තූර ගන්නත් පුළුවන්

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *