ලෝකයේ ලොකුම සත්වෝද්‍යාන ගැන දන්නවද?

  1. සත්වෝද්‍යාන කියල කියන්නෙ බොහොම ඈත ඉතිහාසයකට දිවයන දෙයක්. මිනිසා ප්‍රදර්ශනය පිණිස සතුන් කූඩුකරල තියාගන්නඑක ක්‍රි. පූ. 3500 විතර කාලයේ ඉඳලා සිදුකෙරුණු බවට ඉතාම මෑතක සිදුකෙරුණු පුරාවිද්‍යාත්මක ගවේෂණ වලින් කරුණුඅනාවරණය වෙලා තියෙනවා. කොහොම උනත් අදටත් මේක මිනිස්සු විනෝදාස්වාදය පිණිස සිදුකරන ක්‍රියාවක්. ඇත්තටම අපේහුදු විනෝදය පිණිස සත්තුන්ගේ අහිංසක ජීවිත කූඩුවලට හිරකරන එක කොයිතරම් සාධාරණද කියන කාරණාවනම් බොහොම විවාදාත්මක කාරණාවක්. ලංකාවේ සත්වෝද්‍යාන පිළිබඳවත් මේ කතාබහ විටින් විට කරළියට එනවා. කතාබහට දැනට ඉන්නසත්ව ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් සෘජුවම දායක වෙනවා. විශේෂයෙන්ම මෙහෙම හිරකරගෙන ඉන්න සත්තුන්ට ලැබෙන ආහාරපාන සහ සැලකිල්ල ගැන. ලංකාවේ කතාබහ එහෙම වෙද්දී ලෝකයේම සත්වෝද්‍යාන ගැනයි අපි අද කතා කරන්න යන්නෙ. සත්තු හිරකරලා තියාගන්න එක කොයි රටේ කොයි විදිහට කළත් වැරදි උනාට මේ විශාල සත්වෝද්‍යාන වලනම් සත්තු හිරවෙලාම ජීවිතේ ගෙවනව කියල කියන්න අමාරුයි.

01.Berlin සත්වෝද්‍යානය

මේ බර්ලින් සත්වෝද්‍යානය පිහිටල තියෙන්නෙ ජර්මනියේ බර්ලින් නුවර ටියර්ගාර්ටන් කියන ප්‍රදේශයේ. මේ සත්වෝද්‍යානය විශාලත්වය අතින් වගේම ජර්මනියේ පැරණිතම සත්වෝද්‍යානය විදිහටත් විශේෂ නමක් දරනවා. බර්ලින් සත්වෝද්‍යානය ආරම්භ කරල තියෙන්නෙ 1844 වසරේදී. කියන්නෙ මේ වෙනකොට අවුරුදු 77කට ආසන්න කාලයක් තිස්සේ මේ සත්වෝද්‍යානය පවත්වාගෙන යනවා. විශාලත්වය අතින් අක්කර 84 භූමි ප්‍රමාණයක් ආවරණය කරන මේ සත්වෝද්‍යානයේ විවිධ ප්‍රභේද1500කට අයත් සතුන් 17,000ක් පමණ වාසය කරනවා. සත්ව ප්‍රභේද ප්‍රමාණය අතින් ගත්තත් වැඩිම ප්‍රභේද ගණනක් ජීවත්වෙන සත්වෝද්‍යානයක්  විදිහට මේ බර්ලින් සත්වෝද්‍යානය ප්‍රසිද්ධයි.

02.Beijing සත්වෝද්‍යානය.

චීනයේ විශාලතම සත්වෝද්‍යාන අතරින් එකක් වෙන මේ බීජිං සත්වෝද්‍යානය ආරම්භ කරල තියෙන්නෙ 1906 වසරෙදි කියලතමයි සැලකෙන්නෙ. මේ සත්වෝද්‍යානයේ සතුන් 14,500කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. භූමි ප්‍රමාණය අතින් ගත්තොත් මේක  අති විශාල සත්ව උද්‍යානයක් කිව්වත් වැරදි නැහැ. අක්කර 219ක් කියන්නෙ හෙක්ටයාර 89ක් පුරාවට මේ බීජිං සත්වොද්‍යානය  පැතිරිලා තියෙනව. චිනයටම ආවේණික දුර්ලභ සතුන් ජීවත්වෙන ස්ථානයක් විදිහටත් මේ බීජිං සත්ව උද්‍යානය ලොකු  ප්‍රසිද්ධියක් උසුලනවා.

03.Bronx සත්වෝද්‍යානය.

මේකත් හුඟක් පරණ සත්වෝද්‍යාන ලැයිස්තුවේ තියෙන සත්වෝද්‍යානයක්. ආරම්භ කරල තියෙන්නෙ 1899 වර්ෂයේදී. පිහිටල තියෙන්නෙ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ. මේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානය ඇමරිකාවේ විශාලතම නාගරික සත්වෝද්‍යානය විදිහටත් සැලකෙනවා. අක්කර 265 වගේ අතිවිශාල භූමි ප්‍රමාණයක පිහිටලා තියෙන මේ සත්ව උද්‍යානයේ විවිධ ප්‍රභේද 650කටවිතර අයිතිවෙන සතුන් 4000 කට වඩා ජීවත් වෙනවා. මේ සතුන් අතරින් හුඟක් සතුන් වඳවීමේ යාමේ තර්ජනයට ලක්වුණ සතුන්වීමත් තවත් එක විශේෂත්වයක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *