ඉස්සර අපි හැමෝම ආසාවෙන් බලපු මේ කාටුන් මතකද ?

මතකද ඉස්සර අපි ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ඇග හෝදගෙන බත් කාලා  කෙලින්ම වාඩි උනේ  Tv ගාව. කට ඇරන් ආසම  කාටුන් ටික බැලුවා වෙලාවටම. පොඩ්ඩක්වත් මගහරින්නේ  නැතිව එක දිගට  පුටුව  රත් වෙනකල්  ඉදගෙන, නැගිටින්නේ කතා පෝලිමම  ඉවර  උනාට  පස්සේ..
ඉස්සර කාලේ අපි  හැමෝම බලපු  කතා  ටික  ගැනයි  මේ ලිපියේ කියන්නේ..  බලන්නකෝ මතකද කියලා
පැංචා, මණ්ඩුක භවන,දොස්තර හොදහිත,සූර පප්පා,දගයා, දගර වලිග මතක් වෙද්දීත් අතීතයට ගියා නේද.

1. පැංචා


සිරස ටිවි එකේ ගිය වලස් තාත්තගෙයි පුතාගෙයි කතාව කිව්වම කව්රුත් දන්නවනේ. පැංචාගේ දගකාරකම් ඉවරයක් නැ.යාළුවොත් එක්ක දවස පුරා සෙල්ලම් කරනවා කොච්චර දඟවැඩ කරත් පැංචාගේ තාත්තා පැංචාට හරි ආදරෙයි.

2.මණ්ඩුක භවන


හවස 5 වෙද්දී හරියට ඉදගන්නේ ඔක්කොම වැඩ දාල ඇවිල්ල මේක බලන්නනේ .මතකද එකේ හිටපු කට්ටිය මී ගොයියා,මණ්ඩුක,කටු මාරිස්,මහතුන් අයියා එයාලගේ කතා වලට බඩ පැලෙන්න හිනා උනා.මණ්ඩුක තමයි විනෝදම චරිතේ.කියෝන එකමනේ වැඩේ.

3.දොස්තර හොද හිත


ජාතික රූපවාහිනියේ ගිය ලස්සනම කතා වලින් එකක්.මතකද දොස්තර හොද හිත වගේ අපිත් සත්තු එක්ක කතා කරන්න හැදුවා. සත්තුන්ට කරදරයක් උනාම දොස්තර හොද හිත බෙහෙත් කරනවා. ඒ වගේම සතුනුත් දොස්තරට ගොඩක් උදව් කරනවා.වෙනත් කාටූන් වගේම මේ කාටුන් එකත් සිංහලට හඬ කැව්වේ ටයිටස් තොටවත්ත මාමා.ඉස්සර යාලුවෝ එක්ක සින්දු කියද්දී දොස්තර හොද හිත එකේ සින්දුවත් අනිවාර්යෙන් කියනව නේද

4.සූර පප්පා


ලෝකේ වැඩිම දෙනෙක් දන්න කාටුන් කතාවක් නේ මේක. පුදුම ආසාවකින් පප්පලා ගමේ වෙන්නේ මොනාද කියලා බැලුවේ?වෙද පප්පා නැත්තන් ගමටම අරිශ්ටේ නැ නේ ඉතින්. මතකද හැමදාම අරිෂ්ට දෙන පෝලිමේ ජිම් පප්පා හිටයත් “ඔයා පොඩි කලේ අරිෂ්ට කල්දේරමකට වැටිලා” ඉන්නේ කියලා වෙද පප්පා කියනවා. සූර පප්පා, කෑකො පප්පා අහ් ඇයි ජිම් පප්පගේ චුටිකුකූ කවදාවත් අමතක වෙන්නේ නැති හැමෝම ඇබ්බැහි වෙලා බලපු කාටුන් කතාවක් තමයි එක

5.දඟයා


විල්සන් මාමා, දඟයා, විල්සන් නැන්දා, පොඩ්ඩා, මාග්‍රට් මතක් උනා නේද චරිත ටික.දඟයා ඉතින් හැමදාම කරේ විල්සන් මාමට කරදර කරපු එක. විල්සන් මාමාට දඟයාව පෙන්නන්න බැරි උනත් දඟයට ආදරෙයි. පොඩ්ඩා මාග්‍රට්ට කොච්චර කැමති උනත්, මාග්‍රට් කැමතිවුනේ දඟයටනේ..

6. දඟර වලිග


ජාතික රූපවාහිනියේ ගිය කහ පාට දිග වලිගයක් තියෙන ඇඟ පුරාම කළු තිත් තියෙන සතෙක්ගේ කතාවක්‌ මේක.දඟර වලිගෙට පොඩි පවුලකුත් තිබුණා. එයයි එයාගේ ගැනු සතායි පුංචි පැටව්ත් හිටියා මතකද? දඟර වලිගෙට වලිගයෙන් කරන්න බැරි දෙයක් නෑ ඉතින්.. කන්නේ බොන්නේ හැම වැඩක්ම කරන්නේ වලිගයෙන්.. කැලය විනාශ කරන්න එන ඔක්කොම අයට වලිගයෙන් තමයි පාඩමක් උගන්නන්නේ.

සුන්දර මතකයන් හුගාක් මේ හැම කතාවකම තියනවා.මේ කතා පෝලිම බලන්න බැරි උන දවසට අපි ගොඩක් ඉන්නෙ දුකෙන්. ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම්  කියලා  හිතෙනවා නේද? පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත්  හරි ආසාවෙන් බලපු  කාටුන් ටිකක් තමයි ඒ..

අද මේ ලිපියෙන් ඔයාලගේ ඉස්සර ආසාවෙන් බලපු කාටුන් කතා මතක් වෙන්න ඇති කියලා  හිතෙනවා. අයෙත් මේ වගේ ලස්සන මතක  වලින් ඉස්සරහට හම්බවෙමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *