පොඩ්ඩන්ට උයන්න පුරුදු කරන්නේ  මෙහෙමයි.

අද කාලේ  ඉන්න පොඩ්ඩෝ ආසයි උයන්න.එහෙම උයන්න ආසාව තියන පොඩ්ඩන්ට එයාලගේ  ආසාවට ඉඩ දෙන්න  ඕනේ. හුගාක් පොඩ්ඩෝ කැමති නැ බත් කන්න.අම්මලා ගේ වටේ ඇවිදින්න ඕනේ බත් ටික කවා ගන්න. එයාලා ආස එක එක කෑම වර්ග වලට.අම්මලා හැටියට එයාල කැමති කෑම පෝෂ්‍යදායි විදියට හදලා දෙන්න, ඒ හදන ගමන් එයාලවත් උයන්න උදව් කර ගන්න ඕනේ. පොඩ්ඩන්ව උයන්න පුරුදු කරන්න මුලිකව දැනගන්න ඕනේ කරුණු ටිකක් මේ ලිපියෙන් බලමු.

●මුලින් එයාල කැමති කෑම වර්ගයක් තෝරගන්න ඉඩ දෙන්න

එකට අවශ්‍ය බඩුමුට්ටු අම්මලා ලෑස්ති කරලා දෙන්න.

●ආරක්ෂා ගැන සැලකිලිමත් වෙන්න

විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ දේ මේකයි.දරුවෝ කෑම හදද්දී අනිවාර්යෙන් වැඩිහිටි කෙනෙක් ලග ඉන්න ඕනේ. පොඩි දරුවන්ට අනතුරු වෙන්න තියන ඉඩකඩ වැඩී.දරුවන්ට තේරුමක් නැති නිසා හැමවෙලේම වැඩිහිටි කෙනෙක්ගේ උදව් උපදෙස් ඇතුව තමයි පොඩ්ඩෝ උයන්න පුරුදු වෙන්න ඕනේ.

●පිළිවෙලට/පිරිසිදුව උයන්න පුරුදු කරන්න.

කෑමක්‌ හදන්න මුලින්ම පොඩ්ඩෝ ඉගෙනගන්න ඕනේ පිරිසිදුකමයි, පිළිවෙලයි. කෑමක රසය තව වැඩි වෙන්නේ පිරිසිදුව කෑමක්‌ හැදුවොත් තමයි. පිළිවෙලට අවශ්‍ය බඩුමුට්ටු පිරිසිදු කරගෙන උයන්න ඕනේ.
දරුවන්ට උයන ගමන් හැමදේම ගැන කියා දෙන්න.කුළුබඩු වර්ග, කෑමක්‌ උයන්න අවශ්‍ය බාජන වර්ග,උපකරණ වර්ග.ඒ හැමදෙයක් ගැනම දරුවාගේ මනසට කා වදින්න කියලා දෙන්න.උදාහරණයක් විදිහට මේක බලන්නකෝ,

■බ්ලෙන්ඩර් එකෙන් කෑම අඹර ගන්න පුලුවන්.
■රයිස් කුකර් එකෙන් ඉක්මනින් බත් උයන්න පුලුවන්.

ඒ වගේ දේවල් දරුවට උදාහරණයක් එක්කම කරලා පෙන්නන්න.
දරුවටත් පරිස්සමින් කරන්න ඉඩ දෙන්න. එතකොට දරුවා ඉගෙන ගන්නවා මේ දෙයින් මේක කරන්න පුලුවන් කියලා.

දරුවාට පෙලබවීමක් ඇති කරන්න එපා. ආසාවෙන් කරන්න ඉඩදෙන්න.

මේ වගේ වටින තවත් ලිපි වලින් ඉස්සරහට හමුවෙමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *