දරුවන්ට ගෙදර ඉදලා කරන්න අපූරු වැඩක්

මේ දවස්වල  රටේ තත්වේ නිසා අපේ දුවලා පුතාලා  ඔක්කොම ගෙදරට වෙලා නේ ඉන්නේ. එපා වෙලත් ඇති නේද? එත්  මොන කරන්නද පරිස්සම් වෙන්නත් එපැයි  ඔන්න  අද  ගෙදර  ඉන්න  ගමන්  කරන්න  මරු වැඩක් කියන්නයි යන්නේ. ඔයාලගේ  ගෙදර අයවත් මේකට එකතුකර  කරගන්න.
ඔයාලගේ ගෙදර විසික් කරන  එක එක බඩු  තියනවනේ.. හිතන්නකෝ ප්ලාස්ටික් බෝතල්, යෝගට් කෝප්ප වගේ දේවල්. ඒවා විසි කරන්න එපා. පිරිසිදු කරලා තියා  ගන්න අද ඒවායින් වැඩක්  ගන්න හැටි බලන්න.

මේක ලස්සන මල් වාස් එකක්.මේක හදන්න ඕනේ මෙච්චරයි

●පිරිසිදු කරගත් හිස් යෝගට් කෝප්ප 5/6
●ලොකු බීම බෝතලයක්
●කැමති පාට වර්ග දෙකක්
●පින්සලක්‌
●අලවන්න ගම් වර්ගයක්
●කතුරක්

1.යෝගට් කෝප්පෙ ගනකම් දාරයක්‌ තියනව ඒක කපලා අයින් කරගන්න

2.ඊටපස්සේ ඇතුල් පැත්තේ වටේට කැමති පාටක් ගාන්න. පතුලට ඒ කියන්නේ අඩියට වෙන පාටක් ගාන්න.

3.දැන් යෝගට් කෝප්පේ පිටතින් අගල් 1/2 බැගින් කැපුම් දාගන්න. කැපුම් පාරවල් වලින් තීරු කපා ගන්න

4.ඊටපස්සේ ඒ තීරු කතුරු තුඩින් හරි පෑනකින් හරි රෝල් කරන්න.(මලක පෙති වගේ)

5.දැන් ප්ලාස්ටික් ලොකු බෝතලේ ගන්න ඊටපස්සේ උඩ කොටස කපලා අයින් කරන්න

6.යට කොටසේ 3cm ක් පමණ පළල තීරු කපා ගන්න.යටටම කපන්න එපා ටිකක් ඉතුරු කරලා කපා ගන්න

7.ඒ තීරු එකක් ඇර එකක් පහලට නවන්න. නවපු තීරු වල අගිස්ස නැත්නම් කෙලවර උල් හැඩයට කපන්න.

8.ආයෙත් කතුරු තුඩින් හරි පෑනෙන් හරි උල් හැඩයට කපපු තීරු රෝල් කරන්න.

9.අනිත් තීරු ටිකත් පහලට නවන්න. හැමතීරුවකම කෙලවර ටිකක් උඩට නවන්න පොඩි කොටසක් උඩට නවන්න (එහෙම කරන්නේ අලවන්න පහසු වෙන්නයි )

10.අන්තිමට ඒ නවපු කොටසට glue gun එකකින් හරි ප්ලාස්ටික් ඇලවෙන ගම් වර්ගයක්‌ දාලා, යෝගට් වලින් හදපු මල් ටික අලවන්න

දැන් කොහොමද අපෙ මල් වාස් එකේ ලස්සන…

කාමරයෙන්, පොත් මේසෙන් ඔයාට කැමති ඕන තැනකින් මේක ලස්සනට තියාගන්න. ඉවතලන බඩු වලින් නියම වැඩ කරන්න පුළුවන්.

ඔයාගේ කාමරේ ලස්සනට තියාගන්න වියදමක්  යන්නෙත් නෑ. වෝල් ඩෙකරේශන් දාන්නත් පුළුවන් එක ගැනත් අපි පස්සේ දැනගමු. කරන්න තියන්නේ  පොඩ්ඩක්  නිර්මාණාත්මකව හිතන්න විතරයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *