මිලියන ගනන් බලපු , ෆේමස් ෆයිව් හදපු “ඉනිඩ් බ්ලයිටන්”ගේ කතාව

පොත් කියවන්නන් අතරේ වඩාත් ආදරයට පාත්‍ර වුන ලේඛක ලේඛිකාවන් අතරේ ඉහළින්ම ඉන්න චරිතයක් ලෙස ඉංග්‍රීසි ළමා ලේඛිකා එනිඩ් බ්ලයිටන් ( Enid Blyton ) හදුන්වන්න පුළුවන් .

•ව්‍යාපාරිකයෙකුගේ දියණියක් ලෙස 1897 අගෝස්තු 11 එංගලන්තයේ උපත ලබන එනිඩ් බ්ලයිටන් 1907 සිට 1915 දක්වා ශාන්ත ක්‍රිස්ටෝපර් පාසලේ තම අධ්‍යාපනය හැදෑරීය. එලෙසම ඇය දක්ෂ ටෙනිස් හා ලැක්රොස් ක්‍රීඩිකාවක් බව සදහන් .

• එනිඩ් බ්ලයිටන්ගේ පළමු නිර්මාණය වයස අවුරුදු 14 දී ළමා සගරාවක පලවූ කාව්‍යක් වන අතරම ඉන් ඇරඹි ඇගේ ලේඛන ජීවිතය තුළ ළමා පොත් 600 කට වැඩි ප්‍රමාණයක්ද ගණන් කල නොහැකි තරමේ ලිපි ද ඇතුළත් වේ.

• ඇය ගුරැවරියක් ලෙස යම් කාලයක් සේවය කර ඇති අතර වර්ෂ 1921 පමණ වන විට ඇය ඇගේ ලේඛන ජීවිතය තුළ සාර්ථකත්වයක් ළගාකරගත් නිසාවෙන්ම වර්ෂ 1924 සිට තම පූර්ණ කාලය ලිවීමට කැප කර ඇත.

• 21 වන ශත වර්ෂයේ මුල් භාගය වන විට එනිඩ් බ්ලයිටන්ගේ පොත් වල පිටපත් මිලියන 400 පමණ අලෙවි වී ඇති බවත් ඒවා භාෂා 90 කට පමණ පරිවර්තනය කර ඇති බවත් සදහන් වේ.

• හොද සහ නරක චරිත පැහැදිලිව නිරෑපනය කිරීම මෙන්ම පොත් ලිවීමේදී යොදාගෙන ඇති කියවන්නට පහසුවෙන් තේරැම්ගත හැකි සරල වචන මාලාව , ඇය හා ඇය විසින් රචිත පොත් තරැණ පරපුර අතර අදටත් ආදරයට පාත්‍රවීමට හේතු වී ඇත.

• Famous Five , Secret Seven , St Clare ‘s series එනිඩ් බ්ලයිටන්ගේ වඩාත් ජනප්‍රිය පොත් අතර ඉහළින්ම ඇති නිර්මාණ වේ.

• ළමා ලේඛිකාවක් ලෙස ලොව පුරා ආදරය දිනා ගත් එනිඩ් බ්ලයිටන් අවුරුදු 71 දී ඇගේ ජීවන ගමන නිමාකර 1968 නොවැම්බර් 28 වන දින එංගලන්තයේදී මිය ගියේය…

මේ ලිපිය මගින් එනිඩ් බ්ලයිටන් කතුවරිය ගැන හොද අවබෝධයක් ලබා ගන්න ඇති කියලා හිතනවා. මේ වගේ වටිනා ලිපි වලින් Podiththo.com වෙතින් ඉදිරියේදී හමු වෙමු…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *