ඌරු පැංචෙක්ගෙන් පොඩ්ඩන්ට ඉතිරි කරන්න පුරුදු කරන්නේ මෙහෙමයි

• මේ දවස් ටිකේ පැංචෝ පැංචියෝ ටික පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්නවනේ.ඉතින් කම්මැලිකම යන්නත් එක්ක අපි ලස්සන නිර්මාණයක් කරමු. ගෙදර ඉන්න අයගෙනුත් උදව් අරන්ම මේක කරමු .
• අපි බලමු මේක හදන්න මොනවාද ඕන වෙන්නෙ කියලා . ගේ වටේ පොඩි රවුමක් දාලා හොයාගන්න පුළුවන් පොඩි දේවල් ටිකක් තමයි අපිට ඕන.
• අපි හදන්න යන්නෙ ලස්සන ඌරැ පැංචක්. හැබැයි මෙයාව කැටයක් විදියට තමයි හදාගන්නෙ.

අවශ්‍ය දේවල්.
• මූඩිය සහිත ප්ලාස්ටික් බෝතලයක්
• රෝස පාට තීන්ත වර්ගයක්
• බ්ලේඩ් එකක්
• තද පාට මාර්කර් එකක්
• ඉවතදාන කාඩ්බෝඩ් කෑල්ලක්
• ගම්

ඔන්න එහෙනම් හදමු……..
1. ඉස්සෙල්ලාම බෝතලේ මූඩිය ගලවලා මූඩියටයි බෝතලේටයි දෙකටම තීන්ත ගාගන්න.
2. ඊට පස්සෙ වේලුනාම මූඩියෙන් වහන්න .දැන් බෝතලේ මැද හරියට වෙන්න කාසි දාන්න තරමට හිඩසක් කපාගන්න. පරිස්සමෙන් හොදේ.
3. දැන් මාකර් එකෙන් ලස්සන ඇස් දෙකක් අදින්න .
4. කාඩ්බෝඩ් එකෙන් පොඩි කන් දෙකක් කපලා අලවගන්න.

දැන් කොහොමද අපේ ඌරැ පැංචගේ ලස්සන…

• ඔයාට කඩචෝරැ ගත්තම හරි , වෙන දෙයක් ගත්තම හරි ඔයාට හම්බෙන මාරැකාසි ඔයා හදපු කැටේට දාන්න. දැන් ඔයාට ලස්සන යාළුවෙකුත් ඉන්නවා , ඉතිරිකිරීමේ හොද පුරැද්දත් දියුණු වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *