පොඩිත්තෝ ආස විදිහට අල වලින් වෙනස්ම කෑමක් හදන්නේ මෙහෙමයි

සමහර පොඩ්ඩො ආස නෑ අල ,කැරට් වගේ එළවළු කන්න. ඉතින් උයලා දුන්නත් , තම්බලා දුන්නත් අම්මලට කවාගන්න නම් හම්බෙන්නෙ නෑ. හැමදාම දෙන විදියට නැතුව අලුත් විදියට මෙහෙම දීලා බලන්නකෝ.. පොඩ්ඩො ඉල්ල ඉල්ල කයි.

අවශ්‍ය ද්‍රව්‍ය
• ලොකු අල ගෙඩි 2 හෝ 3
• හීනියට කපා ගත් කැරට් ටිකක්
• බිත්තර 1
• ලුණු අවශ්‍ය ප්‍රමාණයට
• චීස්
• පාන් කුඩු

1. ඉස්සෙල්ලාම අල ටික තම්බලා හොදට පොඩිකරගන්න . දැන් මේ අල එකටම හීනියට කපාගත්තු කැරට් ටික දාගන්න.
2. ඊට පස්සෙ ලුණු අවශ්‍ය ගානට දාලා කලවම් කරන්න.
3. දැන් මේ මිශ්‍රණයට පාන්කුඩු හරි ගෙදර cream craker තියෙනවනම් කුඩුකර ගත්ත cream craker හරි මේස හැන්දක් දාගන්න .
4. අපි පාන් කුඩු හරි cream craker හරි එකතු කරන්නේ මිශ්‍රණයේ තෙත ගතිය අඩුකරගන්නයි.
5. දැන් මිශ්‍රණයෙන් ටිකක් අරන් පැතලි කරලා පොඩි චීස් කෑල්ලක් මැදට තියලා බෝල හදාගන්න .
6. දැන් හදාගත්ත potato balls ටික බිත්තර වල තවරලා පාන්කුඩු වලත් දවටගන්න.
7. දැන් ගැඹුරු තෙලේ බැදගන්න.

ඉතින් මේක හදනකොට පොඩ්ඩන්වත් උදව්වට ගන්න . කියලා දෙන්න . එයාලටත් මේක අලුත් අත්දැකීමක් වෙයි.

මෙහෙම හදාගත්ත potato balls ටික පොඩ්ඩොන්ට දීලා බලන්නකෝ…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *