නිදාගන්න ගමන් පීනන, එක පාර කිලෝ 500 ක කෑම කන නිල් තල්මසාගේ කතාව

නිල්තල්මහා කියන්නේ සමුද්‍රීය ක්ෂීරපායි සතෙක් . එ වගේම මෙයා මීටර් 29 විතර දිගයි. ටොන් 199 විතර බරයි . ඉතින් හිතාගන්න පුළුවන්නෙ මෙයා කොච්චර විශාලද කියලා .

මෙයාගෙ විද්‍යාත්මක නම BALAENOPTERA MUSCULUS කියලා තමයි සදහන් වෙන්නෙ.

නිරෝගී නිල්තල්මහෙක් අවුරුදු 80-90 ජීවත් වෙනවා. ආක්ටික් සාගරයෙ ඇරැණම ලෝකෙ ඕනම සාගරයක මේ ගොල්ලො ජීවත් වෙනවා.මෙයාලා ගොඩක් කැමති තනියම හරි යුගලයක් විදියට හරි ඉන්න. හැබැයි කලාතුරකින් පොඩි කණ්ඩායම් විදියට දකින්නත් හම්බෙලා තියෙනවා .

මේ ගොල්ලොන්ගෙ ගර්භනී කාලය මාස10-12 කියලා තමයි සදහන් වෙන්නෙ.මෙයාලට පැයකට කිලෝමීටර් 20 විතර වේගයකින් පීනන්න පුළුවන් කියලා සාගර විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා .

නිල්තල්මහ ගැන සුවිශේෂී ලක්ෂණ ටිකක් පහළ තියෙනවා. බලන්න මේවා ගැන දන්නවද කියලා .

1. මෙයාලගෙ උගුර නහය දක්වා විහිදිලා තියෙනවා . ඒ වගේම මේගොල්ලන්ගෙ දිව වැඩුණ අලියෙක්ගෙ ප්‍රමාණයට සමානයි.

2. එක වරකට කෑම කිලෝග්‍රෑම් 500 විතර කටේ තියාගන්න මෙයාලට පුළුවන් .

3. නිල්තල්මහ ශබ්ද කරද්දී කිලෝමීටර් 800 විතර දුරට විහිදෙනවා කියලා සදහන් වෙනවා.

4. ඒ වගේම වැඩෙන තල්මහා පැටියෙක් දවසකට රාත්තල් 200 විතර වර්ධනය වෙනවා .

5. පීනන ගමන් නිදාගන්නත් මෙයාලට පුළුවන් .

6. තල්මහා පැටවුන් කිරි බී වැඩෙන සත්ත්ව විශේෂයක් . ඒ වගේම මේගොල්ලො කිරි උරා බොන්නෙ නම් නෑ.

තල්මහා පැටවාගේ මුව ඉලක්ක කරලා කිරි විදීමක් තමයි මේ ගොල්ලො කරන්නෙ. ඒකට හේතුව කිරි උරා බොන්න තොල් නැති එක.

මේ ලිපිය ඔයාගෙ දැනුමට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. මේ වගේ වටින තවත් ලිපියකින් Podiththo.com වෙතින් හමුවෙමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *