පොඩිත්තන්ගේ ගොඩ ගැහිච්ච පාඩම් වැඩ ඉවර කරගන්න උපක්‍රමයක් මෙන්න

මේ ටිකේ ගෙදරටම වෙලා ඉන්න නිසා දීලා තියෙන ඉස්කෝලේ වැඩ , class වල ගෙදර වැඩ කරන්න කම්මැලි ඇති. කොහොමද මේවා ඉවරකරගන්නේ . පාඩම් කරන්න හිතෙන විදියට ඔයාගේ දවස කොහොමද PLAN කරගන්නෙ කියලා අපි බලමු.

• උදේ නැගිටලා Wash එකක් දාගෙන උදේට කාලම වැඩේ පටන් ගමු.ඔයා ඉස්සෙල්ලාම කොලයක් අරගෙන ඔයාට අමාරැ විෂයන් ටික මොනාද කියලා ලියාගන්න. සමහර විට එකක් වෙන්නත් පුළුවන් , 2 ක් 3ක් වෙන්නත් පුළුවන් .

•දැන් ඔයා තව කොලයක් අරගෙන ඔයාට කරන්න එකතු වෙලා තියෙන ගෙදර වැඩ ටික mark කරගන්න.දැන් ඔයා සතියේ දවස් 7 බෙදාගන්න වැඩ වලට .ඔයාට අමාරැ විෂයන් 2ක් තියෙනවනම් සතියේ දවස් 7න් 2ක් ඒ විෂයන් දෙකට දෙන්න. ඔයාට විද්‍යාවයි , ගණිතයයි අමාරැ නම් ඔයා සදුදාට විද්‍යාව , අගහරුවාදාට ගණිතය විදියට කැමති විදියට දාගන්න .

• ඊට පස්සෙ ඉතුරැ දවස් ටිකට එක දවසක් ඉතුරැ වෙන විදියට ඉස්සෙල්ලා ගෙදර වැඩ ලිව්ව කොලේ බලන් දාගන්න.අනිත් විෂයනුත් ඒ ගෙදර වැඩ කරන දවස් වලට ඔයාට ලේසි විදියට බෙදාගන්න .දැන් ඔයා පාඩම් කරන තැන ලස්සනට අස් කරලා පිලිවෙලට හදාගන්න.

• නිදාගන්න ඇද පේන්නෙ නැති තැනක් මේ වැඩේට ගන්න. නැත්තම් ඔයාට පාඩම් කරන්න තැනක් හදලා ඇදට පැනලා නිදාගන්න තමා වෙන්නෙ.ඔයා හැමදාම රෑට නිදාගන්න කලින් හෙට මන් මොනාද කරන්නෙ කියලා plan කරලා කොලේක ලියලා පේන තැනකින් තියාගන්න .ඔයා උදේ නැගිට්ටම ඒ plan එකේ විදියට වැඩ කරන්න. කරලා ඉවර උනාම ඉවරවෙච්ච වැඩේ රතු පෑනෙන් කපල දාන්න

• ඔයා plan එකේ විදියට රෑ වෙද්දි වැඩ ටික ඉවර නම් ඔයාලේ හිතට ලොකු සතුටක් දැනෙයි.ඔයා මේ Plan එකට වැඩ 3ක් 4ක් වගේ දාගන්න. ගොඩක් දාගන්න එපා . ඔයා මේ ක්‍රමය ටික දවසක් කරලා බලන්න . ඉබේම ඔයා පාඩම් වැඩ වලට හුරැවෙයි කම්මැලි නැතුව.

• ඔයා ඔයාගෙ අනාගත බලාපොරොත්තුව A4 කොලේක ලොකුවට ලියන්න . චිත්‍ර අදින්න පුළුවන් නම් ඇන්දත් කමක් නෑ.දැන් මේක ඔයා පාඩම් කරන තැන බිත්තියේ අලෝගන්න. ඔයාට කොයිවෙලෙ හරි හිතුනොත් අපෝ අදනම් පාඩම් කරන්න බෑ කම්මැලි කියලා ඔයා බිත්තියෙ ගහගත්ත අනාගත බලාපොරොත්තුව ලගට ගිහින් ඒක දිහා බලන් ඉන්න.

• කවදහරි ඒක ඇත්ත කරගත්ත දවසට ඔයා කොහොම ඉදීද කියලා පොඩ්ඩක් හිතන්න.ඒ කිව්වෙ ඔයා ආස Doctor කෙනෙක් වෙන්න නම් ඔයා Doctor කෙනෙක් වුනාම ඉන්නෙ කොහොමද , අදින්නෙ මොනාද , අම්මයි තාත්තයි සතුටු වෙන විදිය හිතේ මවාගන්න.එහෙම කරාම ඔයාට පාඩම් කරන්න ආස හිතෙයි . ඔයා ඔයාගේ හීනෙට වැඩකරයි . අනිවාර්යයෙන් ඒ හීනේ ඇත්තක් කර ගනියි .

මේ වගේ වටින ලිපියකින් Podiththo.com වලින් ආපහු හම්බෙමු . All the best !!!!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *