ඉන්න තැන හිටගෙනම නිදාගන්නා ලෝකයේ අරුම පුදුම සත්තු දෙන්නා

සාමාන්‍යයෙන් අපි නිදාගන්නේ හාන්සිවෙලානේ..එහෙමත් නැතිනම් බිම වැතිරිලා..හැබැයි දුවේ පුතේ ඔයාලා දන්නවද , හිටගෙන නිදාගන්න සතුන් ගැන..ලෝකයේ එහෙම සතුනුත් ඉන්නවා.ඒ තමයි හරකා සහ අශ්වයා.මේ සතුන්ගේ නින්ද ගැන හරි අපූරු විස්තර තියෙනවා.

සමාන්‍යයෙන් හරෙකෙක්ට දිනකට නිදාගන්න ඕන වෙන්නේ පැය 4 ක් පමණ පොඩි කාලයක්.ඉතින් මහන්සියක් ආවම මේ සතුන් තමන් හිටගෙන ඉන්න තැනම හිටගෙන ඉන්න ඉරියව්වෙන්ම නිදාගන්නවා.හැබැයි මේක ගැඹුරු නින්දක් නම් නෙවෙයි.

එහෙම ගැඹුරු නින්දකට යනවනම් මේ සතුන් අනිත් අය වගේ බිම හාන්සිවෙලා තමයි නිදාගන්නේ.මේ විදිහට හිටගෙන නිදාගන්න හේතුව ගැන විවිධ අවස්ථාවල පර්යේෂණ කරලා තියෙනවා.

එතකොට හොයාගත්ත දෙයක් තමයි විලෝපිකයින්ගේ ගොදුරු බවට පත් වෙන්න ඉඩ තියෙන නිසා මේ විදිහට ඉන්න ඉරියව්වෙන්ම නිදාගන්න ඔවුන් හැඩ ගැහිලා තියෙනවා කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *