හිසකෙස් තෙතට තියෙනකොට දිග වැඩිවෙනවලු

අපි ගොඩක් අය ලස්සනට ඉන්නේ හිසකෙස් නිසානේ.හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කොණ්ඩේ නැති අය කැතයි කියලා.සමහරවිට අනිත් අයට වඩා එයාල පියකරුයි..පෙනුමෙන් හරිම ලස්සනයි.අද පොඩිත්තෝ තුලින් අපි කියන්නේ මේ කියන හිසකෙස් ගැන අපූරු කතා ටිකක්.

ඔයා දන්නවද හැම දිනයකදීම ඔයාගේ හිසකෙස් වලින් 50-100 ත් අතර ප්‍රමාණයක් ගැලවෙලා යන බව.ඒ වගේම තමයි හිසකෙස් වල බහුලව තියෙන පෝෂකයක් තමයි කෙරටීන් කියන්නේ.

සාමාන්‍යයෙන් දේශගුණය අනුවත් මේ හිසකෙස් වල වර්ධනය වෙනස් වෙනවා.

හිසකෙස් තෙත් ගතියට තියෙනකොට සාමාන්‍ය දිගට වඩා 30% කින් විතර දිගට තියෙනවා.ලෝකයේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ කලු පැහැයට හුරු කොණ්ඩයන්.එතකොට රතු පාට තමයි දකින්න බැරි තරමටම දුර්ලභව තියෙන්නේ.

ඒ වගේම තමයි දුවේ පුතේ අපේ ශරීරයේ වේගයෙන්ම වර්ධනය වන කොටස් අතර දෙවෙනි තැන තියෙන්නේ හිසකෙස් වලට.පලමු තැන හිමිවෙලා තියෙන්නේ ශරිරයේ තියෙන ඇට මිදුලු වලට.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *