ගොරවලා කෙදිරිගාලා පණිවිඩ හුවමාරු කරන සිංහයා ගේ කතාව

පොඩ්ඩො මොනාද සිංහයා ගැන දන්නෙ කියලා ඇහුවොත්: සිංහයා තමයි කැලේ රජා , ගොඩක් භයානක සතෙක් ඔන්න ඔය වගේ උත්තර ලැබෙයි. අද අපි podiththo.com වෙතින් බලමු ඔයාලා නොදන්න දේවල් ටිකක් කැලේ රජා ගැන.
1) සිංහයෝ ගොඩක් සමාජශීලි සත්ව කොට්ටාසයක්. ඒ වගේම ටිකක් ආඩම්බරයි.මේගොල්ලො පොඩි කණ්ඩායම් විදියට තමයි ජීවත් වෙන්නෙ.
2) මේගොල්ලොන්ට වතුර නැතුව දවස් 4 විතර ඉන්න පුළුවන් . හැබයි හැමදාම කන්න නම් ඕන.
3) ගැහැණු සිංහයෙක් දවසකට මස් රාත්තල් 11 විතර ආහාරයට ගන්නවා . පිරිමි සිංහයෙක් දිනකට මස් රාත්තල් 16 විතර ආහාරයට ගන්නවා .
4) දඩයමක් කරාට පස්සෙ වැඩිහිටි පිරිමි සිංහයන් පලමුව ආහාර ගන්නවා . ඒ වගේම තමයි පැටවුන් ආහාර ගන්නෙ අවසානයට.
5) සිංහයන්ගේ ඇස් පෙනීම මිනිසාගේ මෙන් 6 ගුනයක් පමණ තියුණුයි. මේ නිසාම කරදරයක් නැතුව රාත්‍රී කාලේ දඩයම් කරන්න මෙයාලට පුළුවන් .
6) මේගොල්ලො සන්නිවේදනය කරන්නෙ නම් ටිකක් අමුතු විදියකට . ඒ ගොරවලා , කෙදිරිගාලා වගේම එකිනෙකා තමන්ගේ හිස් එකට වද්දගනිමින්.
7) මේගොල්ලොන්ට පැයකට සැතපුම් 50 ක විතර වේගයකින් දුවන්න පුළුවන් . ඒ වගේම අඩි 36 විතර ඉහළට පනින්නත් හැකියාවක් තියෙනවා .
8) විශාලම සිංහ ජනගහනය ටැන්සානියාවේ දකින්නට පුළුවන් .
9) පිරිමි සිංහයෙක්  අඩි 10 විතර දිගයි ඒ වගේම රාත්තල් 550 බරයි.
සිංහයා ගැන නොදන්න දේවල් ගොඩක් ඔයාලා දැන ගන්න ඇති . මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු …

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *