කම්මැලි පොඩ්ඩන්ට පොත් කියවන්න පුරුදු කරවන ටිප්ස් 07ක් මෙන්න

සමහර අම්මලාට තියෙන ගැටලුවක් තමයි පොඩ්ඩන්ව පොත් කියවන්න පුරුදු කරගන්නෙ කොහොමද කියන එක . podithho.com වෙතින් අපි බලමු කොහොමද පොඩ්ඩන්ව මේකට හුරු කරගන්නෙ කියලා ..
(1) දරුවට බල කරන්න එපා..
පොත් කියවන්න කියලා එයාට බල කරන්න එපා . බනින්න යන්නත් එපා . එතකොට දරුවට ඒ දේ එපා වෙන්න තියන ඉඩ කඩ වැඩියි . අකමැත්තෙන් කරවන්නත් එපා .
(2) පොත් ගැන ආසාවක් ඇති කරවන්න ..
පොඩ්ඩා ආස කාර්ටූන් චරිත නැත්තම් ආස සත්තු එහෙම ඉන්න පිටු අඩු පොත් කීපයක් තෝරගන්න . ඊට පස්සෙ එයා සෙල්ලම් කරන තැන්වලින් , එයාගේ කාමරෙන් ඒවා පේන්න තියන්න. ටික දවසක් යද්දී පොඩ්ඩා එයා ආස අය ඉන්න නිසා ඒ පොත් අතට අරන් බලයි.
(3) ආදරෙන් කියලා දෙන්න ..
පොඩ්ඩා පොත් වලට ආස උනාම එයා නිදාගද්දි හරි විවේකයෙන් ඉන්න කොට හරි එයා කැමති පොතක් තෝරගන්න කියලා ඒක පොඩ්ඩට ආදරෙන් කියලා දෙන්න .
(4) පොත් තෑගි දෙන්න ..
පොඩ්ඩා ඉස්කෝලෙ වැඩ කරාම , උදෙන්ම ඇහරුනාම වගේ පොඩි දේවල් කරාම එයාව ප්‍රශංසා කරලා එයාට පොතක් තෑගි දෙන්න .
(5) තෝරගන්න ඉඩ දෙන්න ..
පොඩ්ඩා එක්ක එලියට ගියාම එයා ආස දේවල් අරන් දෙනකොට පොත් තියෙන තැනකට එක්කන් ගිහින් එයාට ආදරෙන් එයා කැමති පොතක් තෝරගන්න දෙන්න . විවේකයෙන් ඉන්න කොට ඒ පොතේ කතාව එයාට කියලා දෙන්න .
(6) අත්දැකීම් පොතට එකතු කරන්න
පොඩ්ඩා ආස කතා පොතක් එයාට කියලා දෙනකොට අම්මා , තාත්තා දන්න තවත් දේවල් ඒ කතාවට එකතු කරන්න . පැයක් දෙකක් කියවන්නත් එපා . විනාඩි 20/30 හොදටම ඇති .
(7) අධ්‍යාපනික පොත් වලට යොමු කරන්න
පොඩ්ඩා කියවන්න ආස උනාට පස්සේ එයාව එයාට ගැලපෙන මට්ට්මේ අධ්‍යාපනික පොත් කියවන්න , අහ්‍යාස කරන්න හුරු කරවන්න . ඒත් එයා ආස විදිහේ කතන්දර පොත් එයාගෙන් ඈත් කරන්න එපා ..
මේ විදියට කරලා බලන්නකො . අනිවාර්යයෙන් පොඩ්ඩො පොත් කියවන්න ආස වෙයි. ඒ වගේම පොත් වලට ගෞරව කරන්න , ආදරය කරන්නත් පොඩ්ඩොන්ට කියලා දෙන්න අමතක කරන්න එපා .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *