කම්මැළි දවසට පොඩ්ඩො එක්ක හදන්න පුළුවන් අතුරුපසක්

ඔන්න මේ ටිකෙ ගෙදරට වෙලා ඉන්න නිසා පොඩි බඩගිනි හැමවෙලේම එනවා ඇති. ඉතින් අද බලමු පොඩ්ඩොන්වත් එකතු කරගෙනම හදන්න පුළුවන් අතුරුපසක් …
අවශ්‍ය ද්‍රව්‍ය ….
– ගෙදරට ගෙනල්ලා තියෙන කේක් වලින් ඉතුරු වෙච්ච ඕනම වර්ගයක කේක අවශ්‍ය ප්‍රමාණයට
– ම්ල්ක් මේඩ් තේ හැදි 4/5
– චොක්ලට්
-ටූත් පික්
1) මුලින්ම කේක් ටික බාජනයකට දාලා හොදට පොඩි කරගන්න. මේකට පොඩ්ඩගෙ උදව් ගන්න . එයාටත් කියලා දෙන ගමන් මේක හදන්න..
2) දැන් මිල්ක් මේඩ් ටික බාජනයට එකතු කරලා හොදින් මිශ්‍ර කරගන්න . අවශ්‍ය නම් කජු , චොකො චිප්ස් වගේ ඔයාලා කැමති දෙයක් මේකට එකතු කරගන්න පුළුවන් ..
3) දැන් කේක් මිශ්‍රණ කුඩා ප්‍රමාණයට බෝල හදාගන්න. දැන් ඒ හදාගත්ත cake balls ටූත් පික් වල ගහන්න.
4) ඉන් පසුව චොක්ලට් ටික අරගෙන හොදට දිය කරගන්න . දැන් ටූත් පික් වල ගහපු cake balls වල චොක්ලට් දවටා ගන්න.
5) ටික වේලාවක් ශීතකරනයේ තියලා තේ බොන වෙලාවට පොඩ්ඩොන්ට දීලා බලන්නකො .
මේ වගේ තවත් ලිපියකින් podithho.com වෙතින් ඉක්මනින් හමුවෙමු ….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *