මේ ගම්වලට නම හැදුනේ මෙහෙමයි කියලා ඔයා දැනගෙන හිටියද ?

අපේ රටේ ගම් වලට නම් වැටුණු විදිහ ගැන කියවෙන රසවත් කතන්දර තියෙනවා. ඉතින් ඒ වගේ රසවත් කතන්දර කිහිපයකින් ගම් වලට නම් වැටුණ විදිහ අද podiththo.com වෙතින් අරගෙන ආවා .
1) සියඹලාණ්ඩුව
මේ ප්‍රදේශයේ සියඹලා ගස් බහුලව තිබිලා තියෙනවා . ඒ නිසා මේ ප්‍රදේශය සියඹලන් දූව ලෙස නම් කර  තිබෙනවා . ඉංග්‍රීසි නාම පුවරු වල Siyabalanduwa ලෙස  දක්වලා තිබුණ මේ නම වැරැදියට උච්චාරණය කරපු නිසා සියඹලාණ්ඩුව කියන ව්‍යවහාරය ඇතිවුණ බව තමයි පොත් පත් වල තියෙන්නේ  .
2) මීගමුව
ඉතිහාසයේ දැක්වෙන විදියට දුටුගැමුණු කුමරයා පිළිසිඳ ගැනීමෙන් පස්සෙ විහාර මහ දේවියට ඇතිවූ දොළ දුකක් මේකට හේතු වෙලා තියෙනවා . ඒ විශාල මී වදයක පැණි සංඝයාට පූජා කර ආහාරයට ගන්න . ඉතින් මේ කාර්යට සුදුසු මී වදය හමුවූ ස්ථානය මීගමුව ලෙස නම් කර ඇති බව දැක්වෙනවා  .
3) වත්තල
අතීතයේ මෙම ප්‍රදේශයේ  ඇඳුම් කර්මාන්තශාලාවක්  තිබී ඇති අතර එකල මෙම ප්‍රදේශය වත්හල ලෙස හඳුන්වා  තිබෙනවා . ” වත් ” යන්නෙන් වස්ත්‍ර යන්නද “හල” යන්නෙන් ශාලාව යන්නද අර්ථවත් වෙනවා . පසුකාලීනව වත්හල , වත්තල වූ බව සඳහන්.
4) කොග්ගල
කොග්ගල කියන්නෙ කලපුවක් . මේ ප්‍රදේශයේ කොක්කු විශාල ප්‍රමාණයක් ගැවසිලා තියෙනවා . මේ කොක්කු ඉදලා තියෙන්නේ කොග්ගල ජලාශය මැද තිබූ පර්වත මතයි . ඉතින් “කොක්කු ලැග ගත් ගල ” යන තේරුමෙන් කොග්ගල ලෙස නම් පට බැඳී තිබෙනවා.
5) ඔලුවාවත්ත
දස මහා යෝධයෙක් වෙච්ච ගෝඨයිම්බර යෝධයා රිටිගල සටනේදී ජයසේන නම් යෝධයාගේ ඔලුවට පා පහරක් එල්ල කර තිබෙනවා . මේ පහරෙන් ජයසේන යෝධයාගේ ඔලුව කදෙන් වෙන් වෙලා ගල් තලාවක් මතට පතිත වී තිබෙනවා .” ඔලුව ආ වත්ත ” යන තේරුම ඇතිව මේ ප්‍රදේශය ඔලුවාවත්ත ලෙස නම් දරා තිබෙනවා .
මේ වගේ රසවත් ලිපියකින් ඉක්මනින් හමුවෙමු .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *