මරියානා ආගධයේ පතුල කහ පැහැයට හුරු වුන හේතුව .

ලෝකයේ උසම තැන් , දිගම ගංගා වගේ එක එක භූ විෂමතා තියෙන ස්ථාන තියනවනේ . ලෝකයේ ගැඹුරුම තැන මරියානා ආගාධය ගැන ඔයාලා නොදන්න දේවල් ටිකක් podithho.com වෙතින් බලමු .

මරියානා ආගාධය තියෙන්නේ කොහේද ?

•මරියානා ආගාධය පිහිටලා තියෙන්නේ බටහිර පැසිපික් සාගරයේ වන අතර මෙහි දිග සැතපුම් 1580 පමණ ද පළල සැතපුම් 43 ද වනවා . ඒ වගේම මෙම ආගාධයේ ඇතැම් ස්ථාන වල උණුසුම් ජල විවර ඇති බවද මේ වෙද්දි හොයාගෙන තියනවා. මෙහි පතුල කහ පැහැයෙන් යුක්ත වන අතර මෙයට හේතු වී ඇත්තෙ දිරාපත් වූ සත්ව කොටස් හා ශාක කොටස් පතුලේ තැන්පත් වීමයි.

මරියානා ආගාධය හැදුනේ කොහොමද ?

• මෙම ආගාධය නිර්මාණය වී තිබෙන්නේ විශාල සාගර පෘෂ්ඨ දෙකක් එකිනෙක ඝට්ටනය වීමෙන් වන අතර මෙලෙස ඝට්ටනය වී ඇති පෘෂ්ඨ දෙක පැසිපික් පෘෂ්ඨය හා පිලිපීන පෘෂ්ඨය ලෙස හඳුන්වනවා . පැසිපික් පෘෂ්ඨය වසර මිලියන 180 පමණ පැරැණි බව තමයි වාර්තා වෙන්නේ .

අගාධයේ ගැඹුර කොච්චරක්ද ?

• මුලින්ම මෙහි ගැඹුර මැනීම සිදු කර තිබෙන්නේ වර්ෂ 1875 වන අතර වර්තමානය වන විට සොයාගෙන ඇති ගැඹුර මීටර් 11 034 පමණ වන බව සඳහන්.

මරියානා ආගධයේ කිමිදෙන්න පුලුවන්ද ?

• තවමත් ආගාධය තුළ කිමිදී ඇත්තේ එක් වරක් වන අතර ඒ Jacques හා Don walsh නැමති දෙදෙනායි . එලෙසම මරියානා ආගාධය සම්බන්ධයෙන් අධිකරණ බලය හිමිවන්නේ ඇමරිකාවටයි .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *