ලෝක පුදුමයක් වුන සීගිරිය හැදුන හැටි හිතාගන්න පුලුවන්ද?

සීගිරිය කියන්නෙ ලංකාවෙ තියෙන ලොකු පොඩි හැමෝම බලන්න යන්න ආස තැනක් . ඒ වගේම ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙන ගන්නකොට සීගිරිය කියන්නේ ඉතා වැදගත් තැනක් .ඉතින් අද අපි බලමු සීගිරිය ගැන පොඩ්ඩො නොදන්න කරුණු ටිකක් .

1) සීගිරිය හැදුවේ කවුද ?

සිංහපුර, ගිරි බලකොටුව ,සිංහ බලකොටුව යන අනුවර්ත නාම වලින් හැඳින්වෙන සීගිරිය ක්‍රි.ව 5 වෙනි සියවසේදී සීගිරි කාශ්‍යප රජතුමා තමයි නිර්මාණය කරලා තියෙන්නේ . ජල දුර්ග , වන දුර්ග හා ගිරි දුර්ග වලින් සමන්විත සීගිරිය ඒ කාලෙ තිබ්බ ප්‍රබල ආරක්ෂක බලකොටුවක් .

2) සීගිරියේ තියෙන විශේෂ දේවල් මොනවාද ?

සීගිරියේ තියන විශේෂ දේවල් විදිහට පර්වතය මුදුනේම තියෙන රජ මාළිගාව , සීගිරි කැටපත් පවුර , සීගිරි චිත්‍ර වගේම උද්‍යාන දක්වන්න පුළුවන් . සීගිරියට ඇතුළුවීමට දොරටු පහක් තිබෙන අතර එයින් බටහිර දොරටුව රාජකීයන් වෙනුවෙන් වෙන්කර තිබුණ බවද සඳහන් වෙනවා .

3) සීගිරි ගල හැදුනෙ කොහොමද ?

ඛාදනයට ලක් වෙච්ච ගිනි කන්දකින් පිට වී සිසිල් වුණ ආග්නේය පාෂාණ වලින් තමයි සීගිරි ගල හැදිලා තියෙන්නේ . පර්වතය මීටර් 180 පමණ උසකින් යුක්ත වන අතර එය සෑම පැත්තකින්ම ප්‍රපාතාකාර විදියට පිහිටලා තියෙනවා .

4) සීගිරියේ සංස්කෘතික ලක්ෂණ තියෙනවාද ?

ක්‍රි.ව 05 වෙනි සියවසේ තිබූ නාගරික සැලසුම් ක්‍රම සහ භූමි නිර්මාණ ක්‍රම , ඉංජිනේරු විද්‍යාව , ජල තාක්ෂණය , ගෘහ නිර්මාණ ශිල්පය සහ කලා ශිල්ප සීගිරියේ තිබුණ සංස්කෘතික ලක්ෂණ වලට ප්‍රබල සාක්ෂි වෙනවා .

 

ලෝකෙ 08 වෙනි පුදුමය වෙන සීගිරිය ශ්‍රී ලංකාවට වගේම මුලු ලෝකෙටම අයිති වටිනා සම්පතක් . මේ වගේ තවත් ලිපියකින් podithho.com වෙතින් හමුවෙමු .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *