ගුරු ගෝල තරඟයයේ ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වුන අවුකන පිළිමය .

 

අවුකන පිළිමය කියන්නේ දැවැන්ත කළු ගලක නිර්මාණය කරලා තියෙන හරි අපුරු නිර්මාණයක් . අතීතයේ තිබුණ පිළිම නෙළීමේ කලාව පිළිබඳ තොරතුරු රැසක් මේ පිළිම වහන්සේගෙන් අනාවරණය වෙලා තියෙනවා .

ඉතින් අද අපි බලමු අවුකන පිළිමය ගැන පොඩ්ඩො නොදන්න දේවල් ටිකක්.

1)අවුකන පිළිමය තියෙන්නේ කොහේද ?

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරෙන් වැව දෙසට මුහුණලා තමයි මේ පිළිමය නෙළලා තියෙන්නෙ . නව තාල ක්‍රමය යොදා ගෙන ක්‍රි.ව 05 වන සියවසේදී ධාතුසේන රජතුමා තමයි මේ නිර්මාණය කරවලා තියෙන්නේ .

2) ප්‍රතිමාව නෙළන්න මුල් වෙච්ච හේතුව ?

ගුරුවරයා විසින් රැස්වෙහෙර පිළිමයත් ගෝලයා විසින් අවුකන පිළිමයත් නෙළීම ආරම්භ කරල තියෙනවා . ප්‍රථමයෙන් ප්‍රතිමාව නෙළලා ඉවර වෙන කෙනාට හූවක් තියලා ඒ පිළිබඳව දන්වන්න සිදු වුණා . ගුරුවරයාට කලින් ගෝලයා අවුකන පිළිමය නිමා කරලා හූ හඬක් තියලා තියෙනවා . තම ගෝලයාට පැරදුණ දුක නිසා එම රැස්වෙහෙර ප්‍රතිමාව නෙළමින් සිටි පර්වතයෙන් බිමට පැනලා ගුරුතුමා සිය දිවි හානි කරගෙන තියෙනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා .

3) අවුකන බුද්ධ ප්‍රතිමාවේ විශේෂ ලක්ෂණ

මෙම ප්‍රතිමාව මීටර් 11.36 ක පමණ උසකින් යුක්ත වෙනවා . මෙම ප්‍රතිමාව අභයගිරි කලා සම්ප්‍රදායට අයිති බවත් මහාවංශයේ සඳහන් වෙනවා . අවුකන ප්‍රතිමාව මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත වීම එහි තිබෙන තවත් සුවිශේෂී ලක්ෂණයක්.ශ්‍රී ලංකාවේ තිබෙන හිටි පිළිම අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිකර ගන්න අවුකන පිළිමය පිළිමය සමත් වෙලා තියෙනවා .

මේ වගේ තවත් වැදගත් ලිපි podiththo.com වෙතින් ඔයාලට කියවන්න පුළුවන් ….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *