මිනිස්සුන්ට වඩා උස පැටවුන් ඉන්න ජිරාෆ් ගැන මේ දේවල් ඔයා දන්නවාද ?

සත්ව ලෝකයේ ඉන්න අහිංසක සත්වයෙක් තමයි ජිරාෆ් කියන්නේ . අපි අද බලමු ජිරාෆ් ගැන පොඩිත්තො නොදන්න කරුණු මොනවද කියලා

1) ලොව උසම ක්ෂීරපායි සත්වයා ජිරාෆ් වන අතර මොවුන් මීටර් 5.5 ක පමණ උසකින් යුක්ත වෙනවා . බොහෝ මිනිසුන්ට වඩා අලුත උපන් ජිරාෆ් පැටවුන් උසින් වැඩි බව ඔයා දන්නවද ?

2) අලුත උපන් ජිරාෆ් පැටවුන්ට ඉපදී මිනිත්තු 30 කින් පමණ පසුව තනිවම නැගටින්න පුළුවන් .

3) ජිරාෆ් නිදාගන්න නම් එතරම් කැමැත්තක් දක්වන්නෙ නැහැ .

4) ජිරාෆ්ගේ ජීවන කාලය අවුරුදු 25 ක් පමණ වනවා .

5) ජිරාෆ්ගේ ශරීරයේ තියෙන ලප එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් ආකාරයට තමයි පිහිටලා තියෙන්නේ .

6) පිරිමි සතුන් ඉතා කලාතුරකින් එකිනෙකාගේ බෙල්ලට පහරදී රණ්ඩු ඇති කරගන්නවා . ඒ කොහොම වුනත් ජිරාෆ් කියන්නෙ සාමකාමී සත්ව කොට්ඨාසයක් .

7) ගැහැණු සතුන් තම පැටවුන් සඳහා ආහාර සෙවීමට පිටතට යන්නේ පැටවුන් විවේකයෙන් සිටින අවස්ථා වලයි .

podithho.com වෙතින් මේ වගේ තවත් රසවත් ලිපි කියවලා දැනුම ලබාගන්න ඔයාලට පුළුවන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *