විනාඩියකට වතුර ලීටර් මිලියන 500 වැටෙන ලෝකෙ ලොකුම දිය ඇල්ල

දිය ඇලි බලන්න යන්න අපි හැමෝම කැමතියි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම අලංකාර දිය ඇලි තියෙනවා . ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකෙ තියෙන ප්‍රසිද්ධ දිය ඇල්ලක් වුන වික්ටෝරියා දියඇල්ල ගැනයි .

1) වික්ටෝරියා දියඇල්ල ලෝකයේ විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙනවා . එය නයගරා  දියඇල්ල මෙන් දෙගුණයක පමණ උසකින් යුක්ත වෙනවා.

2) මෙම දිය ඇල්ලට “වික්ටෝරියා” යන නාමය ලබාදී තිබෙන්නේ බ්‍රිතාන්‍ය ගවේශකයෙකු වන david livingstone නැමත්තායි.

3) මෙම දිය ඇල්ල රටවල් දෙකක් අතර පිහිටලා තියෙනවා . එම රටවල් දෙක වන්නේ සිම්බාබ්වේ සහ සැම්බියාවයි .

4) වික්ටෝරියා දිය ඇල්ල ලොව ඇති ස්වභාවික ලෝක පුදුම හතෙන් එකක් වනවා .

5) සෑම විනාඩියකදීම වතුර ලීටර මිලියන 500 පමණ දිය ඇල්ලෙන් පහළට ඇද හැලෙනවා .

6)ලොව පුරා ස්ථාන දෙකකදී පමණක් සිදු වන ඉතා විශේෂ සංසිද්ධියක් වන චන්ද්‍ර දේදුන්න  වික්ටෝරියා දිය ඇල්ල මතට චන්ද්‍රයාගේ ආලෝකය වැටීමත් සමඟ හටගන්නවා .

7) වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා පහළ මට්ටමක පවතිනවා .ඔයා නිර්භීත සංචාරකයෙක් නම් මෙන්න මේ කාල සීමාව ඇතුළෙ විතරක් ඔයාට මේ දිය ඇල්ලේ පිහිනීම කරන්න පුළුවන් .

podithho.com වෙතින් මේ වගේ තවත් රසවත් ලිපි කියවන්න ඔයාලට පුළුවන් .

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *