පොඩ්ඩො ආස චොකලට් වලින් බීමක් හදමුද

චොකලට් කියන්නෙ පොඩ්ඩො ආස කෑමක් . ඉතින් හැම වෙලේම කන චොක්ලට් වලින් රසම රස බීමක් හදාගන්නෙ කොහොමද කියලා podithho.com වෙතින් බලමු .

අවශ්‍ය ද්‍රව්‍ය

• කිරි මිලිලීටර් 150
• චොක්ලට් පවුඩර් මේස හැඳි 01
• කොන්ෆලවර් මේස හැඳි බාගයක්
• සීනි මේස හැඳි 02
• කෝපි කුඩු ස්වල්පයක්
• කැමති චොක්ලට් වර්ගයකින් කොප්ප බාගයක්

සදාගන්නා ආකාරය

1) කෝන්ෆලවර් ටික ball එකකට දාලා උණු වතුර මේස හැන්දක් එක්ක හොඳට දිය කරගන්න .

2) දැන් බාජනයකට කිරි හා සීනි දාලා හොඳින් උතුරගන්න.

3) මිනිත්තු දෙකකට පමණ පසුව චොකලට් පවුඩර් ටික මේකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න .

4) ටික වෙලාවකට පසුව මුලින්ම හදාගත්ත කොන්ෆලවර් මිශ්‍රණය දාලා හොඳින් කලවම් කරගන්න .

5) විනාඩියකට පමණ පසුව චොක්ලට් ටික මේකට එකතු කරන්න . චොක්ලට් ටික හොඳින් දිය වෙනකල් මේක කලවම් කරගන්න .

උණුවෙන්ම මේක පොඩ්ඩොන්ට දීලා බලන්නකො . එයාලා හැමදාම කන චොක්ලට් මේ විදියට බොන්නත් අනිවාර්යයෙන් කැමති වෙයි .

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *