පේටන්ට් බලපත්‍ර 1000 ගත් තෝමස් අල්වා එඩිසන්

අපේ පොඩිත්තොත් කැමති ඇති අලුත් දේවල් හදන්න , එක එක පරීක්ෂණ කරන්න . ඉතින් ඒ වගේ අලුත් දේවල් නිර්මාණය කරපු උත්සහවන්ත පර්යේෂකයෙක් ගැන තොරතුරු මේ ලිපියෙන් ඔයාලට දැනගන්න පුළුවන් .

1) තෝමස් අල්වා එඩිසන් කියන්නෙ ප්‍රසිද්ධ ඇමරිකානු ජාතික පර්යේෂකයෙක් .

2) මෙතුමා 1847 වසරේ පෙබරවාරි 11 වැනිදා ඇමරිකාවේදී උපත ලබනවා.

3) ඔහුගේ පාසල් ගමන අවුරුදු 12 දී අවසන් වන්නේ ඔහු කනේ ආබාධයකින් පෙළුණු නිසාවෙන් වන අතර පසුව ඔහුගේ මව විසින් නිවසේදී ඉගැන්වීම් කිරීම සිදු කර තිබෙනවා .

4) දුම්රියේදී ටොෆි වර්ග අලෙවි කර ලබා ගත් මුදලින් මොහු අත්හදා බැලීම් වලට අවශ්‍ය බඩු මිලදී ගෙන තිබෙනවා .

5) විදුලි බල්බයේ නිර්මාතෘ ලෙස අපි ඔහුව හැඳින්වූවද ඔහු පේටන්ට් බලපත්‍ර 1000 පමණ ලබා ගෙන ලෝක වාර්තාවක් තැබූ අයෙක් බව දන්නවාද ?

6) විදුලි බල්බය නිර්මාණය කරද්දි ඔහුගේ උත්සහය 999 වතාවක් වැරදිලා තියෙනවා . ඒත් ඔහු උත්සහය අතාරින්නේ නැහැ . ඔහු ඒ පිළිබඳව විමසන අයට පවසන්නේ තමන් බල්බය නිර්මාණය කිරීමට නොහැකි ආකාර 999ක් සොයා ගත් බවයි .

7) දිනක් ඔහු රැකියාව කල ස්ථානයේ සිට නිර්මාණ අත්හදා බැලීම් සිදු කරමින් සිටින අතරතුර වූ වැරදීමකින් සල්ෆියුරික් අම්ල බිම හැලුන නිසා ප්‍රධානියා ඔහුව බැන එලවා දමා තිබෙනවා . නමුත් මෙවැනි දේ නිසා ඔහු තමන්ගේ උත්සහය සහ ධනවාදී ආකල්ප නම් අතහැරියේ නැහැ .

8) නව නිර්මාණ දහස් ගණනක් නිපද වූ තෝමස් අල්වා එඩිසන් වර්ෂ 1931 ඔක්තෝබර් 18 වන දින මෙලොවින් සමුගෙන තිබෙනවා .

ඉතින් තමන්ගෙ උත්සහය බාහිර දේවල් නිසා , එන පුංචි පුංචි ප්‍රශ්න නිසා අතහැරියනම් තෝමස් අල්වා එඩිසන් මහතා නව නිර්මාණ 1000 ගණනක් නිපදවන්නේ නැහැ .

ඒ නිසා පොඩිත්තොත් උත්සහයෙන් ඔයාලගෙ වැඩ කරලා ලෝකෙම කතා වෙන කෙනෙක් වෙන්න ඕන .

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *