කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න දරුවන්ට පුරුදු කරන්නම ඕන දේවල් ටිකක්

මේ දවස් වල පොඩ්ඩො ගෙදරට වෙලා ඉන්න නිසා කම්මැළි වෙලා ඇති . ඉතින් පාඩම් වැඩ කරන්නත් උනන්දුවක් නැතුව ඇති . අපි බලමු කොහොමද මේ දවස් වල පොඩ්ඩොන්ව වැඩ වලට උනන්දු කරවන්නෙ කියලා.

 

1) පොඩි කාල සටහනක් හදාගන්න

විවේකයෙන් ඉන්න වෙලාවට පොඩ්ඩා එක්ක ආදරයෙන් කතා කරලා එයා කැමති විදියට සරල කාල සටහනක් හදලා දෙන්න . ලස්සන රූප අලවලා එයාට ආස විදියට මේක හදන්න උදව් කරන්න . මේකට ලොකු දේවල් දාන්න එපා . උදේට නැගිටින්න වෙලාවක් , නිදාගන්න වෙලාවක් , පාඩම් කරන්න වගේම සෙල්ලම් කරන්නත් පොඩ්ඩා ආස විදියට වෙලාවක් වෙන් කරලා දෙන්න .

 

2) පරිසරයට ආදරය කරන්න කියලා දෙන්න .

පාඩම් වැඩ වලට විතරක් දරුවට බල කරන්න එපා . එයා එක්ක එයා ආස පලතුරු පැළයක් හිටවන්න . ඒකට සාත්තු කරන විදිහ කියලා දෙන්න . ඒ පැළය දවසෙන් දවස ලොකු වෙනකොට එයාට ලොකු සතුටක් දැනෙයි . පරිසරයට ආදරය කරන දරුවෙක් විදියට එයාව සමාජයට දෙන එක වැඩිහිටියන්ගේ වගකීමක්.

 

3) ව්‍යායාම් කරන්න වෙලාවක් දෙන්න .

පොඩ්ඩො මේ දවස් වල කම්මැළි වෙලා ඇති . ඉතින් දවසේ පොඩි වෙලාවක් ව්‍යායාම් කරන්න දරුවව හුරු කරන්න . පැය ගානක් නෙවෙයි විනාඩි 20ක් වගේ හොඳටම ප්‍රමාණවත්. පොඩ්ඩො ආස සින්දුවක් දාලා එයාට නටන්න විනෝද වෙන්න දුන්නත් ඇති . මොකද ව්‍යායාම් වලට වඩා මේකට එයා කැමති වෙයි .

4) පාඩම් වැඩ වලට ආසාවක් ඇති කරවන්න .

කිසිම වෙලාවක දරුවට බල කරලා , තරවටු කරලා පාඩම් වලට යොමු කරන්න එපා . එයාට ඒකෙන් ඉගෙනීම එපා වෙන එක විතරයි වෙන්නෙ . දරුවට ආදරෙන් පාඩම් කියලා දෙන්න . පාඩම් කරලා ඉවර උනාම පොඩ්ඩා ආස දෙයක් එයාට දෙන්න . කෑමක් හරි දරුවා ආස සෙල්ලම් බඩුවක් හරි එයාට දෙන්න . පාඩම් කරපු නිසා ඒක එයාට ලැබුණු බව එයාට ආදරෙන් හඟවන්න . ටික දවසකින් පොඩ්ඩා ආසාවෙන් පාඩම් වැඩ කරයි .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *