සත්ව ලෝකයේ කම්මැළියන් මෙන්න

සත්ව ලෝකයේ එක එක වර්ගයේ සත්වයන් ඉන්නවා . ඉතින් අද පොඩ්ඩො එක්ක අපි කතා කරන්න යන්නේ සත්ව ලෝකයේ ඉන්න කම්මැළි සත්ව විශේෂ කිහිපයක් ගැනයි.

1) හෙද මෝරා

මෝරා කිව්වම පොඩ්ඩන්ට මතක් වෙන්නෙ වේගයෙන් පීනන , භයානක මාළුවෙක්ව. හැබැයි මේ හෙද මෝරා යන මත්ස්‍ය විශේෂය නම් ඊට හාත්පසින්ම වෙනස්. මේගොල්ලො දවසේ වැඩි හරියක් නිශ්චලව වැතිරිලා නිදා ගන්න එක තමයි කරන්නේ. මෙයාලට ජීවත් වෙන්න වැඩිපුර ආහාර ප්‍රමාණයක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම දඩයම් කිරීමේ කුසලතාවය මේ හෙද මෝර විශේෂයට නම් පිහිටලා නැහැ.

 

2) පිඹුරා

මෙයාලා දවසකට පැය 18ක් විතර නින්දට තමයි කාලය යොදවන්නේ. ඒ වගේම මේගොල්ලෝ යම් දෙයකට සූදානම් වෙන්නේ සතියක් විතර නිදාගෙනයි .නින්දේදී පිඹුරන් තමන්ට අවශ්‍ය ශක්තිය ගබඩා කර ගැනීමක් සිදු කරනවා. පිඹුරන් චලනය වෙන්නේ ඉතාමත් අඩු වේගයකින්.

 

3) හිපපොටේමස්

මෙයාලා පැය දහසයක් විස්සක් පමණ දවසකට නිදා ගන්නවා. ඉතින් ඒකෙන්ම මෙගොල්ලොන්ගේ කම්මැලිකම පොඩ්ඩන්ට හිතාගන්න පුළුවන්. බොහෝ වෙලාවට ගොඩබිම දී විශාල කණ්ඩායම් විදිහට එකට නිදාගෙන ඉන්නකොට හිපපොටේමස් සත්වයින් ඔයාලට දැකගන්න පුලුවන් .ශාක භක්ෂකයන් වන මොවුන් රාත්‍රී කාලයේදී තමයි වැඩිපුර ආහාර ගැනීම සිදු කරන්නේ .

 

4) koala පැන්ඩාවන්

මේගොල්ලෝ දිනකට පැය 2-6 අතර කාල කාලසීමාවක් තමයි අවදි වෙලා ඉන්නේ. මෙයාලා ආහාරයට ගන්න ඉතාමත් කැමති යුකැලිප්ටස් නැමැති කොළ වර්ගයේ අඩංගු විෂ ද්‍රව්‍ය වගේම එහි තන්තු අධික නිසා ජීරණය වෙන්න විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා .ඉතින් මේ හේතුව නිසා මෙම සත්ව විශේෂය වැඩි වෙලාවක් නිදාගැනීමට වැය කරන තමයි හොයාගෙන තියෙන්නේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *