පැණි රසට ආස පොඩ්ඩන්ට චොක්ලට් පොප්කෝන්

පොඩ්ඩො ඉන්න අම්මලාට තියන ලොකු ප්‍රශ්නයක් තමයි පොඩ්ඩො කඩචෝරු ඉල්ලන එක. ඉතින් කඩවල් වල තියෙන ක්ෂණික ආහාර ජාති පොඩ්ඩන්ගෙ සෞඛ්‍යයටත් ටිකක් අහිතකරයි. ඒ නිසා ගෙදරම මොනව හරි හදලා දෙන්න පුළුවන් ඒක පොඩිත්තොන්ගේ සෞඛ්‍යයටත් හොඳයි.

ඉතින් අද අපි බලමු ගෙදරදීම චොක්ලට් පොප්කොන් හදාගන්නෙ කොහොමද කියලා .

අවශ්‍ය ද්‍රව්‍ය

1) බඩඉරිඟු ඇට කෝප්පයක්
2) තෙල් මේස හැඳි 3-4
3) සාමාන්‍ය ප්‍රමාණයේ චොක්ලට් එකක්

සාදාගන්නා ආකාරය

– මුලින්ම චොක්ලට් එක කුඩාවට කැබලි කරගන්න .

– තෙල් ටික තාච්චියකට එකතු කර එයට ඉරිඟු ඇට ටික දමා කලවම් කරන්න .

– දැන් චොක්ලට් ටික එයට එකතු කර කලවම් කර පියනකින් වසා මිනිත්තුවක් දෙකක් තබා ඉවතට ගන්න .

මේ විදියට පොඩ්ඩන්ට චොක්ලට් පොප්කෝන් හදලා දෙන්න . එයාලා ගොඩක් ආස වෙයි . මේ වගේ රසවත් ලිපි කියවන්න podithh.com හැමදාම බලන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *