වඳ වුන මැමත්ලා ආපහු එයිද?

 

අද කතා කරන්නේ මැමත්ලා ගැන පොඩිත්තො නොදන්න දේවල් ටිකක්. මැමත් කිව්ව ගමන්ම පොඩ්ඩන්ට නම් මතක් වෙන්නේ ice – age කාර්ටූන් චිත්‍රපටයේ ඉන්න මැමත්ලාවනේ. ඉතින් දන්නවද බලන්න මේ කරුණු ටික මැමත්ලා ගැන.

1) දැවැන්ත මැමත්ලා ආසියානු අලියන්ට යම් දුරකට සමාන බවක් දක්වනවා.

2) මෙයාලාට ලොම් වලින් ආවරණය වූ විශාල කන් තිබිලා තියෙනවා . ඒ වගේම මෙයාලගේ ලොම් අඩි 3ක් පමණ දිගු බවයි සඳහන් වෙන්නේ.

3) මැමත්ලා එයාලගේ විශාල වක්‍ර දළ සටන්වලට වගේම හිම හෑරීමේ මෙවලමක් විදියටත් යොදා ගෙන තියෙනවා.

4) මොවුන් අඩි 13ක් පමණ උසකින් යුක්ත වෙනවා. ඒ වගේම මෙයාලගේ බර ටොන් 06ක් විතර වන බව තමයි IUCN සංගමය සඳහන් කරන්නේ.

5) මැමත් දළ වලින් සංගීත භාණ්ඩත් නිපදවලා තියෙනවා.

6) වසර 40000කට පමණ පෙර ජීවත් වූ බව පවසන මැමත් සිරුරකින් DNA සාම්පලයක් ලබා ගෙන තියෙනවා . මෙම DNA යොදාගෙන නැවත මෙම දැවැන්තයන් මහ පොළොවට ගෙන ඒමට පරීක්ෂණද සිදු කෙරෙනවා.

7) ඝන අයිස් තට්ටු දියවීම වැනි කාලගුණික විපර්යාස හේතුවෙන් මෙම දැවැන්තයන් සදහටම මහපොළොවෙන් වඳ වී ගොස් තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *