පරණ ටෙඩියෙක්ගෙන් අලුත් බෑග් එකක් හදන්නේ මෙහෙමයි .

 

පොඩ්ඩෝ ළඟ ඕන තරම් සෙල්ලම් බඩු තියෙනවානේ.ඉතින් ඔයාලා ගාව තියෙන පරණ ටෙඩි බෙයාර් කෙනෙක්ගෙන් ලස්සන බෑග් එකක් හදාගන්න විදිහ අද podiththo.com වෙතින් අරගෙන ආවා . අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා .

අවශ්‍ය ද්‍රව්‍ය

•පරණ පොඩි ටෙඩි බෙයාර් කෙනෙක්
•කතුරක්
• zipper එකක්
• නූල්

 

හදාගන්නේ මෙන්න මෙහෙමයි

1) මුලින්ම ඔයාගේ ටෙඩිව අරගෙන පිටිපස්ස හරවගන්න . දැන් ඔයා ගාව තියෙන සිප් එකේ ප්‍රමාණයට ටෙඩිගේ මැද හරියෙන් කතුරෙන් කපාගන්න . මේකට අම්මගෙන් උදව් අරගන්න .

2) දැන් ඔයා එයාගේ බඩ හරියේ තියෙන පුළුන් ටික එලියට අරගන්න . අත් කකුල් වල තියෙන ඒවා එහෙම්ම තියන්න .

3) ඊට පස්සේ අම්මගේ උදව් අරගෙන කපපු තැනට zipper එක තියලා මහගන්න .

 

මේකට පොඩ්ඩන්ගේ පෑන් , පැන්සල් වගේ ඒවා දාලා තියාගන්න පුළුවන් . ඔයාලා කැමති දෙයක් දාලා තියාගන්න මේක පාවිච්චි කරන්න , කැමති නම් ඔයාලගේ නමත් මේකේ ලස්සනට මහගන්න . එතකොට ඔයාලගේ ටෙඩි බෙයාර් බෑග් එක තව ලස්සන වෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *