ක්‍රීම් ක්‍රැකර් වලින් පොඩ්ඩො ආස විදියට mini  pizza හදමු

මේ දවස් වල එළියට ගිහින් කෑම කන්න බැහැනේ . ඉතින් පොඩ්ඩො ආසයි නේ pizza කන්න . එහෙනම් ගෙදර තියෙන දේවල් වලින් mini pizza හදාගන්නේ කොහොමද කියලා බලමු . මේක හදාගන්න පොඩ්ඩොන්ගේ උදව් අරගන්න . ඒක එයාලටත් අලුත් අත්දැකීමක් වෙයි .

අවශ්‍ය ද්‍රව්‍ය

1) ක්‍රීම් ක්‍රැකර් බිස්කට් අවශ්‍ය ප්‍රමාණයට

2) චීස්

3) ළුණු

4) කැමති සෝස් වර්ගයක්

mini pizza හදාගන්නේ මෙහෙමයි

1 මුලින්ම ක්‍රීම් ක්‍රැකර් බිස්කට් ටික අරගෙන සෝස් උඩින් දාගන්න .

2 දැන් රවුමට කපා ගත් ළුණු බිස්කට් උඩින් තියාගන්න .

3 අවශ්‍ය නම් ඔයාලා කැමති මස් හෝ වෙනත් කැමති දෙයක් බිස්කට් උඩින් තියාගන්න පුළුවන් .

4 චීස් අවශ්‍ය ප්‍රමාණයට බිස්කට් උඩින් තියාගන්න .

5 දැන් මේ බිස්කට් ටික විනාඩි පහක් මයික්‍රෝවේව් අවන් එකේ තියාගන්න

හදාගත්ත mini pizza ටික පොඩ්ඩොන්ට දීලා බලන්න . එයාලා අනිවාර්යෙන් ආස වෙයි . මේ වගේ රසවත් ලිපි බලන්න හැමදාම podiththo.com වෙබ් අඩවිය බලන්න

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *