දත් නැති අඩියක් දිග දිවක් තියන ඈයාගේ කතාව

සත්ව ලෝකයේ එක එක වර්ගයේ සත්වයන් ඉන්නවා . ඉතින් ” ඈ “යන්නෙන් සතෙක් ලියන්න කිව්වම පොඩ්ඩෝ ලියන්නේ ඈයා කියලා . අද අපි බලමු ඈයා ගැන ඔයාලා නොදන්න දේවල් ටිකක් .

1) මෙයාලා ඇවිදින්න කැමති සත්ව කොට්ටාසයක් නම් නෙවෙයි . ඩයිනසොරයන් ඇවිදින විදියට සමාන විදියට තමයි මෙයාලා ඇවිදින්නේ . ඒ වගේම මෙයාලා සමබරතාවය තියාගන්නේ වලිගය බිම තියලා .

2) ඈයා  මුළුමනින්ම කොරපොතු වලින් වැසුණ එකම ක්ශීරපායී සත්ව විශේෂයයි .

3) මෙයාලගේ දිව අඩියක් විතර දිගයි කියලා ඔයාලා දැනගෙන හිටියද ?

4) මෙම සත්ව විශේෂයට දත් නම් පිහිටලා  නැහැ.

5) තමන්ට කරදරයක් කියලා දැනුණොත් මෙයාලට බෝලයක් වගේ ගුලි වෙන්න පුළුවන් . ඒ වගේම දුර්ගන්දයක් සහිත දියරයක් පිට කරන එකත් මෙයාලා  ආරක්ෂා වෙන්න කරන උපක්‍රමයක් .

6) මෙයාලගේ නිජ බිම විදියට සලකන්නේ අප්‍රිකාව සහ ආසියාවයි . ඒ වගේම මේ සත්ව විශේෂය අද වෙනකොට වඳ වී යාමේ තර්ජනයට මුහුණ දීලා තියෙනවා .

7) සෑම වසරකම නීති විරෝධිව මෙම සත්වයන් 10000 විතර දඩයම් කරනවා .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *