සිංහරාජයට නම හැදුනු හැටි දන්නවද ?

මහද්වීප සියල්ල එක්ව පැවැති ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් මිනිස් පහසින් නොකළැල්වු මහා වනයක් ශී‍්‍ර ලංකාවේ වෙයි. එය සිංහලයේ රාජ වනය හෙවත් සිංහ රාජයයි.

ලක්දිව විසූ අවසන් සිංහයා තම ආධිපත්‍යය පතුරුවමින් වාසය කළ මහා වනය පසු කලෙක සිංහරාජය ලෙස හැඳින්වූ බවට ද මතයක් තිබේ. මේ සිංහයා මරා දැමීමට භාවිතා කළ බව කියන ගල් සහිත ප‍්‍රදේශය යෝධ ගල්ගොඩ නමින් හඳුන්වන බවත්, සිංයා ජීවත්වූ ප‍්‍රදේශය සිංහගල ලෙසත් සිංහයා විසූ ගුහාව සිංහ ගුහාව ලෙසත් අදටද ව්‍යවහාරයේ පවතී.

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ.

රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි. සිංහරාජයට ඇතුළුවීම සඳහා මාර්ග හතරකි. කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනිං සයිඩ් මාර්ගය, හිනිදුම නෙළුව මාර්ගය හා දෙනියාය පල්ලේගම මාර්ගය ඒවා වෙයි. වාර්ෂිකව මිලි මීටර 3000 ත් 5000 ත් අතර වර්ෂාපතනයකි මේ වනාන්තරය වියළි කාලගුණය ඇති සමයක් නොමැති තරම්ය.

අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි. සිංහරාජ වනාන්තරයේ ප‍්‍රධාන ස්ථර පහකට විහිදුණු ශාක ප‍්‍රජා දැකිය හැකිය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *